වත්මන් පාර්ලිමේන්තුව තුළ අපරාධවලට සම්බන්ධ නොවූ එකම කණ්ඩායම තම කණ්ඩායම බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කොළඹදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙරට ජනතාව පාර්ලිමේන්තුවට අකමැති වීමට හේතුව එහි සිටින බහුතරයක් විවිධ අපරාධ හා නීති විරෝධී ක්රියාවලට සම්බන්ධ සංවරයක් නැති, ප්රතිපත්තියක් නැති පිරිසක් වීම බවත් ඒ මහතා පැවසීය.
එනිසා බහුතර ජනතාවගේ සිත් තුළ පාර්ලිමේන්තුව කෙරෙහි කෝපයක් හා වෛරයක් ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.
ජනතාව පාර්ලිමේන්තුවට අකමැති හේතුව අනුර කියයි
2020-07-26T12:10:00+05:30
Lanka Hot News