gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා වෛරසය සමාජ ගතවීමේ අවධානමක් : කන්දකාඩු මධ්‍යස්ථානයේ සිටින්න බලන්න පවුල්වල සාමාජිකයින් ඇවිත් ගිහින්

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානය හරහා ඇතිවී තිබෙන නව කොරෝනා රෝගී පොකුර හේතුවෙන් සමාජයට වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටිනවා.

පසුගියදා වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා වීමෙන් පසු ඔහු පුනුරුත්ථාපනය සඳහා යොමු කොට සිටි කන්දකාඩු මත්ද්‍රව්‍ය නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ සේවකයින් ගේ සිදුකළ PCR පරීක්ෂණ මගින් ආසාදිතයින් 56ක් වාර්තා වූ බවත් එය ඉදිරියේදී තවත් වැඩිවෙනු ඇති බවයි වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.

එම මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටි උපදේශිකාවකටද කොරෝනා රෝගය වැලදී ඇති බවට අද දින තහවුරැ වී ඇති බව පැවසූ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා ඇය පොදු ප්‍රවාහන සේවා භාවිතා කොට ඇති බවද කියා සිටියා.

එමෙන්ම එම උපදේශිකාව නිවසට පැමිණීමෙන් පසුව ඇයට තිබු අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ද ගොස් ප්‍රතිකාර ලබා ගෙන ඇති බවත් අසල්වැසි නිවසකට හා ඇඳුම් මසන ස්ථානයකට ද ගොස් ඇති බව කරුණු අනාවරණය වී තිබෙනවා.

මිට අමතරව එම පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන ඇතැම් අය නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මේ හේතුවෙන් වෛරසය සමාජ ගත වීමේ අවධානමක් ඇති බව කියා සිටියා.

පුනුරුත්ථාපනය වෙමින් සිටින පුද්ගලයින්ගේ දෙමව්පියන් සහ ඥාතීන් ඔවුන් ගේ සුවදුක් බැලීමට එම මධ්‍යස්ථානය වෙත පැමිණ ගොස් ඇති බවත් එහිදී ඔවුන්ව නිසි නිරෝධායන ක්‍රියාවලියකට යොමු කොට තිබුනද එමගින් ඇතැම් විට අවධානමක් මතුවන බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka