gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය ගැන හමුදාපති පැහැදිලි කරයි

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කන්දකාඩු හා සේනපුර පවත්වාගෙන යනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ හා ප්‍රතිකාර පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙකෙහි 375 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ වාර්තා මේ වන විට ලැබී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අනෙකුත් ප්‍රතිඵල අද (10) සහ හෙට (11) වන විට ලබා ගත හැකි වනු ඇති බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ එම මධ්‍යස්ථාන දෙකෙහිම කාර්ය මණ්ඩලය ද ඇතුළුව 1150ක පමණ පිරිසක් සිටින බවය.

ඒ අතරින් මේ දක්වා ලැබුණු ප්‍රතිඵල හා සන්සන්දනය කරන බලන විට ඉදිරියේ දී තවත් කොවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණයක් හඳුනාගත හැකි වනු ඇති බවත් ඒ මහතා පවසයි.

මේ වන විට රට තුළ පවතින කොවිඩ්-19 තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් කරමින් ඔහු මේ බව පැවසීය.

 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka