කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ යනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ එම මධ්‍යස්ථානයේ රැඳවියන් සහ නිලධාරීන්ට කොරෝනා පරීක්ෂණ තවදුරටත් සිදු කරමින් පවතින බවත් එහිදී තවත් ආසාදිතයන් වාර්තා වනු ඇති බවත්ය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සහ බාහිර සමාජය අතර යම් තාක් දුරකට සම්බන්ධතා පැවතී ඇති නිසා එයින් සමාජයට වෛරසය සම්ප්‍රේෂණය වීමේ ඉඩක් ඇති බවද ඔහු සඳහන් කළේය.
දැනටමත් එම මධ්‍යස්ථානයෙන් ආසාදිතයන් සහ සැකකටයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් අවශ්‍ය නිරෝධාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බවත් කී ඔහු එම ප්‍රදේශය වසා දැමීමට අවශ්‍ය ද නැද්ද යන්න ඉක්මනින්ම තීරණය කරන බව ද සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම පොකුරද පාලනය කිරීමට හැකි වනු ඇතැයි දැඩි විශ්වාසයක් ඇති බවත් ඔහු අවධාරණය කලේය.
කන්දකාඩු ආසාදිතයන් තවත් ඉහල යන බව සෞඛ්‍ය බලධාරීන් කියයි.. වසා දැමීමට සාකච්චා..
2020-07-09T23:19:00+05:30
Lanka Hot News