gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වියත්මගේ චන්න ජයසුමනට පොහොට්ටුවෙන්ම ප්‍රහාරයක් - අනුරාධපුරයේත් මනාප පොරය ඇවිලෙයි

වියත්මග සංවිධානය නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කරන මහාචාර් චන්න ජයසුමන මහතාගේ ආධාරකරුවෙකුට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අනුරාධපුර ඔයාමඩුව ප්‍ර‍දේශයේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ චන්න ජයසුමන මහතාගේ ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් සිටියදීය.

පහරකෑමට ලක් වූ ආධාරකරුවා මේ වනවිට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. තමන්ට පහර දුන්නේ පොදුජන පෙරමුණෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් පිරිසක් බවයි පහරකෑමට ලක් වූ පුද්ගලයා පවසන්නේ.

මෙම පහරදීම සිදුවන අවස්ථාවේදී අසල සිටි පොලිස් නිළධාරීන් පිරිසක් චන්න ජයසුමන මහතාගේ ආධාරකරු බේරාගෙන ඇති අතර, එසේ නොවූයේ නම් පහරදුන් පුද්ගලයන් තමාව මරා දැමීමට සූදානමින් සිටි බවයි පහර කෑ පුද්ගලයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ.

මීට පෙරද පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අතර අවස්ථා කිහිපයකදී මනාප ගැටුම් ඇති වූ අතර පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරිසකටද කුරුණෑගලදී ප්‍රහාරයක් එල්ල විය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka