gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලුනාව ඝාතනය: අධික ලෙස බීමත් පොලිස් නිලධාරින් අපට ගැහුවා. ගහන්නෙ ඇයි ඇහුවාම වෙඩි තිබ්බා!

පසුගිය 10 වනදා රාත්‍රියේ ලුනාව ප්‍රදේශයේ මාර්ග පරික්ෂාවේ නිරත වී සිටි පොලිස් නිලධාරින් අධික ලෙස බීමත්ව සිටි බවටත්, ඔවුන් “කුඩු, ගංජා කෝ?’’ යැයි අසමින් තමන්ට පහර දුන් අතර “ගහන්නේ ඇයි?’’ කියා විමසූ කේ. අමිත් කරුණාරත්න යන අයට හිසට වෙඩි තබා ඝාතනය කළ බවටත් මියගිය අයගේ සොහොයුරා මහෙස්ත්‍රාත්වරයා හමුවේ සාක්ෂි ලබා දී තිබේ.

“මියගොස් සිටින්නේ මගේ සහෝදරයා. අපි මාළු අල්ලන රස්සාව කරන අය. අපි පස් දෙනෙක් ත්‍රිවිල් දෙකකින් එතන පසු කරගෙන යද්දී පොලීසිය අපිව නැවැත්තුවා. පොලිසිය හොඳටම බීලා හිටියේ. අපි ආපු ත්‍රිවිල්වල ආදායම් බලපත්‍ර පරීක්ෂා කළා. “කෝ උඹලා ළඟ තියෙන කුඩු, ගංජා?’’ යැයි අසමින් මගේ අයියාගේ කලිසම් සාක්කු පරීක්ෂා කළා. ඒ අතරේ අයියට පාරක් ගැහුවා. එහෙම පොලිසියේ අය දෙපාරක්ම ගැහුවා.

එතනදී අයියා ඇහුවා “ඇයි අපට ගහන්නේ?’’ කියලා. ඊට පස්සේ අයියට වෙඩි තිබ්බා. මගේ ඔළුවටත් වෙඩි තිබ්බා, මං පාත්වුණු නිසා බේරුණා.

මගේ අයියාට නිකරුණේ ගහලා වෙඩි තිබ්බේ. මේක ලොකු කම්පනයක්’’ යනුවෙනුයි මියගිය අයගේ සොහොයුරු අමිල මහේෂ් කරුණාරත්න මහතා සඳහන් කර තිබුණේ.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ මොරටුව වැඩබලන මහෙස්ත්‍රාත් චතුර ද සිල්වා මහෙස්ත්‍රාත් පරීක්ෂණය අතරතුර ඇසින් දුටු සාක්ෂි විමසීමේදීය.

තවත් ඇසින් දුටු සාක්ෂිකරුවකු වන නදීෂ් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබුණේ තමන් පැමිණි ත්‍රිරෝද රථවල ආදායම් බලපත්‍ර පරීක්ෂා කිරීම සඳහා පොලිසිය තමන් නැවැත්වූ බවත් ඒ එක් ත්‍රිරෝද රථයක ආදායම් බලපත්‍රය නොමැති නිසා දඩ කොලයක් ලිවීම සඳහා තමන්ව ජීප් රථය කරා කැඳවාගෙන ගිය බවත් දඩ කොලයක් නොදුන් ඒ නිලධාරියා පසුව වෙඩි තැබීමක් සිදු කළ බවත්ය.

තමන් එතැනින් පැන ගොස් නැවත පැමිණ වෙඩි වැදී සිටි අය ඉක්මනින් ලුනාව රෝහලට රැගෙන ගොස් එතැනින් ගිලන් රථයකින් කළුබෝවිල රෝහල කරා ගෙන යෑමට සූදානම් වීමේදී ඔහු මියගොස් ඇතැයි රෝහලේ අය පැවසූ බවත් ඔහු වැඩිදුරටත් සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka