කොරෝනා ආසාදනය වූ වැලිකඩ බන්ධනාගාර රැදවියාගේ ආශ්‍රිතයන් 310 කගේ කොරෝනා පරීක්ෂණ සිදු කර ඇත.
එම සියළු දෙනාගේ පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඒ කිසිවෙකු කොරෝනා ආසාදිතයන් නොවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අදාල මුල් ආසාදිතයාට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී කොරෝනා ආසාදනය වන්නට ඇතැයි සැක කරන බවත් ඒ අනුව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දැනට රදවා සිටින පුනරුත්තාපනයට යොමු කරන ලද පිරිසටද කොරෝනා පරීක්ෂණ සිදු කරන බවද ඔහු පැවසීය.
මුල් ආසාදිතයාගෙන් මෙය සමාජ ව්‍යාප්තියක් දක්වා පැතිරි නොයාමට අවශ්‍ය සියළු කටයුතු සිදු කරමින් ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.
වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල මෙන්න.. සමාජ පැතිරීමක් වෙයිදැයි හමුදාව සීරුවෙන්…
2020-07-08T22:36:00+05:30
Lanka Hot News