gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ක‍්‍රිකට් ලංකාවේ පස්වන ආගමයි.. සංගක්කාරලාට අගෞරව කරන්න හොද නෑ..

වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල මැති ඇමතිවරු 2018 පාර්ලිමේ්න්තුවේ මිරිස් කුඩු ගසමින් පොලිස් නිළධාරීන්ට කනේ පහරවල් ගසමින් රටේ කීර්තිනාමය විනාශ කරනවිට ජාත්‍යන්තර කී‍්‍රඩාංගණ වල හයේ පහරවල් ගසමින් රටේ කීර්තිනාමය රැුක ගත්තේ කී‍්‍රකට්විරුවන් බව දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ 2011 වසර ලෝක කුසලාන කි‍්‍රකට් අවසාන තරගයේදි කි‍්‍රකට් පවාදීමක් සිදු වු බවට මහින්දානන්දා අලුත්ගමගේ මහතා විසින් කර තිබු ප‍්‍රකාශය සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමිනි.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂ්න මහතා,

අපේ කි‍්‍රකට් වීරයෝ පිළිබදව චෝදනා එල්ල කළ මහින්දානන්ද අලුත්ගමගේ ඇතුලු ආ්ණඩු පාර්ශවයේ මැති ඇමතිවරුන් 2018 වර්ෂය අවසාන කාලයේදි ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු ගර්භයේ මිරිස් කුඩු ගසන විට කුමාර් සංගක්කාරල ජාත්‍යන්තර කී‍්‍රඩාංගණ වල හයේ පහරවල් ගැසුවා. පාර්ලිමේන්තු සභා ගර්භය තුළදීම පොලිස් නිළධාරියෙකුට කනේ පහර දුන්නා. මේ විදිහට හැසිරුණේ වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබලයෝ. ආණ්ඩුවේ මැති ඇමතිවරු රටේ කීරතිනාමය පලුදු කරන්න මිරිස් කඩු පහර, කනේ පහර ගසන විට කි‍්‍රකට් වීරයෝ රට වෙනුවෙන් ජත්‍යන්තර කී‍්‍රඩාංගණ වල ගැසුවේ හයේ පහරවල්.

කි‍්‍රකට් කී‍්‍රඩකයෝ මේ රටට කීර්තියක් ගෞරවයක් අත් කර දුන්නා. ඔවුන්ගේ දේශපාලනය අපට වැඩක් නැහැ. නමුත් මේ අවස්ථාවේදි මහින්දාන්ද මගේ මිතූරාට පොඩි ස්තුතියක් කරන්න කැමැතියි. මහින්දානන්දා මගේ මිතුරාගේ කතාවට විරුද්ධව මේ රටේ සියලුම තරුණියන් හඩ නගනවා . ඔවුන් එකතු වී සිටිනවා. මේ රටේ සිංහල දෙමළ මුස්ලීම් සියලුම තරුණ තරුණියෝ ජාතිභේදයකින් තොරව කි‍්‍රකට් වීරයෝ වෙනුවෙන් පෙළ ගැසී සිටිනවා. නැගී සිටිනවා. කි‍්‍රකට්වරුවන්ට අත තියන්න එපා කියනවා.

දේශපාලඥයින්ට මේ රටේ සංහිදියාව ඇති කරන්න බැරි වුණාට කි‍්‍රකට් වීරයින්ට මේ රටේ සංහිදියාව ඇති කරන්න පුලුවන්. අපේ රටේ ආගම් හතරක් තිබෙනවා කියනවානේ. ඒ බෞද්ධ, හින්දු ,කතෝලික ,ඉස්ලාම් . නමුත් කි‍්‍රකට් කියන්නේ අපේ රටේ තිබෙන පස්වන ආගමයි. කි‍්‍රකට් කියන ආගමට පුලුවන් වෙලා තිබෙනවා රට එකතු කරන්න. ඒ පිළිබදව මම සතුටු වෙනවා. ඒ නිසා මහින්දානන්දා මහතාට මම ස්තුතිවන්න වෙනවා රට මේ තැනට ගෙනාවාට.

– මාධ්‍ය අංශය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka