gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නම ගිය අපරාධකරුවක් බෝම්බයකුත් සමග අත්අඩංගුවට !

යාපනය දිස්ත්‍රීක්කයේ ගෙවල් මංකොල්ලකෑම් ඇතුලු අපරාධයන් රැසකට සමබන්ධ පොලීසිය විසින් සොයමින් සිටි සැකකරුවෙකු අත්බෝම්බයක්ද සමගින් අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පැවසීය.

අදාල සැකකරු යාපනය කෝපායි පොලිස් වසමේ සැඟව සිටියදී යාපනය පොලීසියට ලැබුනු තොරතුරකට අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැකකරු සැඟව සිටින ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී පොලීසිය විසින් සැකකරු සිටි ස්ථානය පරික්ෂා කිරීමේදී අපරාධ සිදු කිරීම සඳහා යොදා ගත් උපකරණ කිහිපයක් සමගින් රත්තරන් හා සඟවා තිබූ අත්බෝම්බයක්ද සොයාගෙන ඇත.

පසුගිය දිනයන්හි යාපනය දිස්ත්‍රීක්කයේ සිදු වූ අපරාධ ඇතුලු සමාජ විරෝධී ක්‍රියාවන් රැසකට අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධ බවට සැකපල කරන අතර සැකකරු යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka