"මං කැමතියි අපේ රටේ නූතන වීර කැප්පෙටිපොලලට, වීර පුරන් අප්පුලාට, නූතන විහාර මහා දේවිලාට, සුගලා දේවිලාට කතා කරන්නට. ඒ සටන්කාමීත්වය තුළ දිනාගන්නට රට ගැනයි මේ කතා කරන්නේ.
මහසෝනාත් බැඳලා වැඩගත්ත දකුණ නම්, ඒ දකුණේ හයිය පෙන්නන්නම අවශ්‍යයි.
අපට ඉන්නෙ විලංගු දාපු ජනාධිපතිවරයෙක්. ඒක නිසා තමයි අපි කියන්නෙ තුනෙන් දෙකේ බලයක් දෙන්නට කියලා" යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේ.
අනූෂා දමයන්ති මහත්මිය මේ බව පැවසුවේ ඊයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.
