gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති ගෝඨාභයගේ ආරක්ෂක අංශයේ රථ 02ක් මහරගම දී අනතුරට ලක්වෙයි

නාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂක රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මහරගම නගරයේ දී ඊයේ රාත්‍රිය අනතුරක් සිදුව ඇත.

එම අනතුරෙන් රථ දෙකට සුළු අලාභ සිදුව ඇතත් කිසිවකුට අනතුරක් සිදුවී නැති බව පොලීසිය සඳහන් කරයි.

ජනාධිපතිවරයා ඊයේ දිනයේ ඇඹිලිපිටියේ පැවති ජනහමුවකට සහභාගී වී නැවත එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා ඔහුගේ රථයට පසුපසින් ගමන් ගත් ආරක්‍ෂක රථ ඉදිරියෙන් මහරගම නගරයේ දී සිදු ත‍්‍රිරෝද රථයක් එකවරම හැරවීමට යාමේදී අනතුර වළක්වා ගැනීමට තිරිංග තද කිරීම හේතුවෙන් පසුපසින් පැමිණි ජීප් රථය ගැටීමෙන් අනතුර සිදුව ඇත.

ජීප් රථ දෙක සහ ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති අතර ත්‍රී රෝද රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka