gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 13 ක් ගන්නවා - හිටපු නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 13 ක් දිනා ගන්නා බව හිටපු නිවාස රාජ්‍ය අමාත්‍ය, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

විපක්ෂයේ ඇතැමුන් අපේ නාම යෝජනා ලැයිස්තුව සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කළද, බැංකු හොරු සහ රට ජාතිය පාවා දුන් අය සිටින්නේ ඔවුන්ගේ ලැයිස්තුවේ බවද හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්දික අනුරුද්ධ මහතා මේ බව කියා සිටියේ ගම්පහ, දිවුලපිටිය ආසනයේ පැවැති ජන හමුවකට අද (20) දින සහභාගී වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා “මෙවර ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලය වෙනස් කිරීමට අද ඇතැමුන් බලාගෙන සිටිනවා. මෙම මැතිවරණ මෙහෙයුම අපි කරන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම අරමුණු කරගෙනයි. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා එදා ජනාධිපතිවරයා ලෙස සිටියදී අපට අහිමි වීමට ගිය අපේ භූමිය අපට නැවත ලබා දුන්නා. යුද්ධය නිසා වසර 30 ක් විනාශ වූ අපේ භූමිය නැවත ලබා  ගැනීමට මහින්ද රාජපක්ෂ මැතිතුමාත්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත්, බැසිල් රාජපක්ෂ මැතිතුමාත් විශාල කැප කිරීමක් කළා.

2015 පසුව අපේ ආගමික සිද්ධස්ථාන, පුරාවිද්‍යා සිද්ධස්ථාන, අපේ සංස්කෘතිය හා උරුමය විනාශ වුණා. එය නැවත නගා සිටුවීම සඳහා ශක්තිමත් තුනෙන් දෙකේ බලයක් සහිත පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමේ මැතිවරණයක් බවට මෙය පත්ව තිබෙනවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු පොහොට්ටුවේ නායකයින් එකතු වෙලා රට ආරක්ෂා කරයි කියා අද ජනතාව තුළ විශ්වාසයක් තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන පක්ෂය පොදු මහජනතාව තුළින් නිර්මාණය වූ පක්ෂයක් බව මතක තබා ගන්න. 2015 අපට

අහිමි වුණු සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන ‘පංච මහා බලවේගය’ අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්ථාපිත කර තිබෙනවා.

අපේ ජයග්‍රාහී ගමනේ අපේ ඉලක්කය වන්නේ සියලු බලවේග එකතු කර ගනිමින් ඡන්ද ලක්ෂ 10 කට වඩා වැඩි ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමයි. ඒ වගේම මන්ත්‍රී ආසන 13 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අප දිනා ගන්නයි. අද වනවිට එක්සත් ජාතික පක්ෂය සහ වෙනත් පක්ෂ වල බොහෝ දෙනෙක් අපි සමඟ එකතු වී තිබෙනවා. ඒ සියලුම බලවේග අපි අද එකතු කර ගනිමින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සාර්ථක ගමනක අද නිරත වනවා.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායකත්වයට අද ඇතැමුන් එහෙන් මෙහෙන් කෙනෙහිලිකම් කරන්නට පටන්ගෙන තියෙනවා. ඒ වගේම විපක්ෂයේ ඇතැමුන් ගම්පහ දිස්ත්‍රික්කයේ අපට ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. අපට ඒවා දැනෙන්නේ නැහැ. මොකද ඊට වඩා දරුණු ප්‍රහාරවලට අපි පසුගිය කාලයේ මුහුණ දුන්නා. 2015 ඉදන් සිර ගෙවල්වල දාද්දි, මර්දනය කරද්දි, තර්ජනය කරද්දි මහින්ද මහත්තයාව දාලා නොගිහින් ඔහු  රැකගත් මිනිස්සු අපි. මහින්ද රාජපක්ෂ මැතිතුමාව රැක ගනිමින්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කරපු අපිට එක්සත් ජාතික පක්ෂය සහ අනෙක් පක්ෂවල අය කරන දේවල් දැනෙන්නෙ නැහැ. ඒ අය කතා කරනවා ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ ලැයිස්තුව ගැන. නමුත් කම්බ හොරු, රට පාවා දුන් අය, ජාතිය විනාශ කළ අය, බැංකු කොල්ල කෑ අය, ත්‍රාස්තවාදය ර‍ටේ ඇති කිරීමට කටයුතු කළ අය ඉන්නේ ඔවුන්ගේ ලැයිස්තුවේයි.

හරීන් ප්‍රනාන්දු මහතාට ‘හෙට බෝම්බ ගහනවා’ කියලා ඔහුගේ පියා පණිවුඩයක් ලබා දුන්නා. නමුත් ඔහු බෝම්බ ගහලා යනකන් සද්ද නැතුව හිටියා. එදා එසේ කටයුතු කළ ඔහු අද අපේ ලැයිස්තුව ගැන කතා කරනවා. අපේ ලැයිස්තුවේ සිටින්නේ පැය 24 ම හොඳ අවධියෙන් සිටින අය කියා හරීන්ලා මතක තබා ගත යුතුයි. ජනතාව වෙනුවෙන් වැඩ කරන, ජනතා සේවයට කැපවන අය අපේ ලැයිස්තුවක් සිටිනවා. මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලක්ෂ 10 කට එහා ඉලක්කයට යන්න අපි සුදානම් වී සිටිනවා. ගම්පහ තියෙන ශක්තිය අපි පසුගිය ජනාධිපතිවරයේදී හරීන්ලාට පෙන්නුවා. තුනලක්ෂ හැටපන්දාහකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් අපි ගත්තා. ප්‍රසන්න රණතුංගට ගහන්න, ගම්පහ බලය බිදින්න ඔවුන් උත්සාහ කරනවා නම් එය ඉෂ්ඨ කර ගැනීම හීනයක් පමණයි.

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රතිඵලය 50% ඉක්මවීමට දායක වුණ එකම දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කයයි. උතුරු, නැගෙනහිර පළාත් දෙකක් වෙනුවෙන් සටන් කළ එකම දිස්ත්‍රික්කයත් ගම්පහ දිස්ත්‍රික්කයි. එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ

අපේ ඡන්ද ප්‍රතිඵලය බලා ගන්න. ගම්පහ මිනිස්සු ඡන්ද ලක්ෂ 10 කට එහා ඉලක්කයකට ගොස් තුනෙන් දෙකක බලයක් ඇති පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමට දායක වන හැටි එවිට බලා ගත හැකියි.” යනුවෙන්ද පැවැසීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka