gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ටෙලිෆෝනය හදන්න එජාප කෘත්‍යධිකාරී මණ්ඩලය එකඟ වුණේ නෑමයි - නවීන් (VIDEO)

සියලු දෙනා උත්සහ කළේ එක්සත් ජාතික පක්ෂය ලෙස එකට මැතිවරණයට යාම වුවත් පසුගිය මාර්තු 19 පෙර සතියේදී වෙන වෙනම නාමයෝජනා ලබා දීමට තීරණය වුවද සමඟි ජන බලවේගය ලෙස වෙනම දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා ටෙලිෆෝනය සෑදීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියක් නොලැබුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද (02) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ඒ අතරතුර සන්ධානයක් සෑදීමට මෙන්ම සජිත් ප්‍රේමදාස මහතා එහි නායකයා වීමට හෝ විපක්ෂ නායක වශයෙන් කටයුතු කිරීමට දේශපාලන තීන්දුවක සිටියද වෙනම ලාංජනය ගැන තීරණයකට පැමිණියේ නැති බවයි නවීන් දිසානායක මහතා සඳහන් කළේය.

"මට අද වගේ මතකයි කබීර් හෂීම් මැතිතුමා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නැගිටලා කිව්වා ටෙලිෆෝන් එකට කැමතිද ටෙලිෆෝන් එකට කැමතිද කියල. නමුත් ඒ යෝජනාවට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වැඩිදෙනෙක් කැමති වුණේ නැහැ. වැඩිපිරිසකගේ කැමැත්ත තිබුණේ අලියා ලකුණ යටතේ තරඟ කරන්න."

එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ අවස්ථා ගණනාවකදී බෙදීම ඇති වුවද පක්ෂය විනාශ කිරීමට නොහැකි වූ බවයි නවීන් දිසානායක මහතා කියා සිටියේ.

සිය පියාණන් වූ ගාමිණි දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි යන නායකයන් දෙදෙනාටද එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වගොස් වෙනත් දේශපාලන ව්‍යාපාරයක් ඇති කර එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට නොහැකි වූ අතර අවසානයේ යළි එජාප සාමාජිකත්වය ගැනීමට සිදු වූ බව හෙතෙම පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂයෙන් කවුරු ඉවත්ව ගියද පක්ෂයේ අනන්‍යතාව බිඳිය නොහැකි බව නවීන් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka