gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

උතුරේ ධීවරයන් අතර සැගවී තමිල්නාඩු ධීවරයන් ලංකාවට.. ලංකාවට දැඩි කොරෝනා අවදානමක් !

මිල්නාඩුව ඇතුලු ඉන්දීය ධීවරයින් නීතිවිරෝධීව උතුරු ප්‍රදේශයට ඇතුලු වීම මගින් කොරෝණා වයිරසය දෙවන පැතිරීම උතුරු ප්‍රදේශයෙන් ආරම්භ වීමේ දැඩි අවධානමක් ඇති බවට උතුරු නැගෙනහිර ධීවර සහයෝගිතාවයේ සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් මහතා පවසා සිටියි.
ඉන්දියාවේ මේ දිනවල සීග්‍රෙයන් පවතින කොරෝණා වයිරසයේ පැතිරීමත් සමග කොරෝණා වයිරසය වැලඳුනු ධීවරයින් උතුරු මුහුදට පැමිණිමේ අවධානම හා උතුරේ ධීවරයින්ගේ ධීවර කටයුතු පිළිබඳ විමසීමේදී ඇන්ටන් ජේසුදාසන් මහතා මේ පවසා සිටියේය.

ඒ පිළිබඳව අදහස් දක්වන ඇන්ටන් ජේසුදාසන් මහතා වැඩි දුරටත් පවසා සිටියේ,

‘‘‘මේ දවස් වල උතුරේ ධීවරයින් විතරක් නෙමෙයි මුලු උතුරෙම වැසියන් බොහොම අවධානමකින් ඉන්නේ ඒ  කොරෝණා දෙවන රැල්ලක බියක් නිසයි. එය මුලු රටටම බලපෑමේ අවධානමකුත් තියනවා. මොකද ඉන්දියාවේ මේ වන විට වෙනත් රටවලට වඩා සීග්‍රයෙන් කොරෝණා පැතිරෙණවා. වයිරසය තියෙන ධීවරයින් මුහුදු යනවා ඒ අය උතුරු මුහුදටත් එනවා ඇවිත් දැන හඳුනන අපේ ධීවරයින් සමගත් කල් ගෙවනවා එය බොහොම අවධානම් තත්වයක් එය රටේම ජනතාවටත් ඉදිරියේදී බලපාන්න ඉඩ තියනවා. මෙය දෙවරක් සැලකිය යුතු කරුණක්,

එමෙන්ම උතුරේ ධීවර සංගම් නියෝජිතයින්ද පවසා සිටින්නේ මේ වන විට ඉන්දියාවේ දරුණු ලෙසින් පැතිරයන කොරෝණා වයිරසය සමගින් ඉන්දියානු ධීවරයින් සහ සාමාන්‍ය වැසියන් රහසිගතව උතුරට ඇතුල්වීම මගින් උතුරේ ජනතාවට කොරෝණා වයිරසයේ දැඩි අවධානමක් පවතින බවටත් නැවතත් උතුරට කොරෝණා වැළඳීමේ අවධානමක් පවතින බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka