gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිට්ටඹුවේ අම්මයි දරුවයි මරා දැමූ ‘ඝාතකයාට’ පෝරකය නියම වේ – හිමිනමක්ව සිට පසුව පොලිසියට බැඳිලා

කාන්තාවක් සහ කුඩා දරුවෙකු ඝාතනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරු වූ පුද්ගලයෙකුට ගම්පහ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.

මෙලෙස මරණ දඬුවම නියම වී ඇත්තේ 45 හැවිරිදි වියේ පසුවන හසලක උල්පතගම ප්‍රදේශයේ පදිංචි පි.එම්.මැදගෙදර නවරත්න බංඩා නමැති අයෙකුටයි.


විත්තිකරු විසින් ඝාතනය කර ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි මවක් සහ ඇයගේ සිව් හැවිරිදි වියේ පසුවූ පිරිමි දරුවායි.

ඔහු එම නිවසේ තිබූ රන් ආභරණ සහ දේපොළ මංකොල්ලකෑම සඳහා 2003 වර්ශයේ මැයි මස 05 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි අධිකරණයේදී අනාවරණ වූයේ.

කෙසේ වෙතත් සැකකරු පිළිබඳව තවත් තොරතුරු රැසක් නඩු විභාගය අතරතුරදී අනාවරණ වී ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

ඔහු උල්පතගම ඉන්ද්‍රසාර නමින් චිවරධාරියෙකු ලෙස 1990 සිට 1994 දක්වා සිව්වසරක කාලයක් නිට්ටඹුව ප්‍රදේශයේ පිරිවෙනක වාසය කර තිබෙනවා.

අනතුරුව 1994 දී පොලිස් දෙපාර්තමේන්තුව ට සම්බන්ධ වී පොලිස් කොස්තාපල්වරයෙකු ලෙසද 1997 දක්වා සේවයේ යෙදී තිබීම විශේෂත්වයක්.

අනතුරුව ඉන් ඉවත් වූ මෙම පුද්ගලයා සංචාරක වෙලෙන්දෙකු ලෙසද කාලයක් තිස්සේ කටයුතුකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

වසර 17 කට පසුව එම නඩුවේ තීන්දුව ලබාදෙමින් ගම්පහ පූර්වගාමි මහාධිකරණ විනිසුරු ප්‍රශාන්ත ද සිල්වා මහතා විසින් විත්තිකරුට මරණ දඬුවම නියමකර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka