gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනාවට බියෙන් ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් මෙරටට පැන එති

න්දියාවේ මේ දින වල සීග්‍රයෙන් ව්‍යාපත්වන කොරෝණා වයිරසයට බිය වී ඉන්දියාවේ සිට පියෙකු හා දැරියක් මුහුදු මාර්ගයෙන් බොට්ටුවකින් තලෙයිමන්නාරමට පැමිණ මඩු පොලීසියට ඊයේ (02) දින භාර වී ඇත.
අදාල පියා මීට පෙර මන්නාරමේ පදිංචි අයෙකු වුවද යුද ගැටුම් හේතුවෙන් 1990 වසරේදී ඉන්දියාවට ගොස් තමිල්නාඩුවේ සරණාගත කඳවුරක නැවතී ඔහු බිරිඳ හා දියණියන් දෙදෙනෙකු සමග දිවි ගෙවා ඇත.

අනතුරුව පවතින කොරෝණා වයිරසයේ දැඩි අවධානම හේතුවෙන් ඊට බිය වී සරණාගත කඳවුර අතහැර බොට්ටුවක් මාර්ගයෙන් තම වැඩිමල් දියණිය සමග තලෙයිමන්නාරම් මුහුදු තීරයට පැමිණ ඇත්තේ පසුව බිරිඳ හා බාල දියණිය රැගෙන එන අපේක්ෂාවෙනි.

කෙසේ වෙතත් පැමිණි පියා හා දියණිය පළමුව නිරෝධායන කඳවුරක් වෙතට යොමු කිරීමට පියවර ගෙන ඇති අතර එම කටයුතු අවසන් වූ පසු නීතිවිරොධීව සංක්‍රමණය පිළිබඳව පරික්ෂණ සිදු කිරීමට මඩු පොලීසිය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka