gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

MCC අත්සන් කලොත් එසැණින් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- විමල්

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන ආණ්ඩුවක තමන් මොහොතක් හෝ නොසිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
එය MCC නොව වෙනත් ඕනෑම නමකින් පැමිණිය ද තම මතය අදාළව බවද ඔහු පැවසීය.

මෙරට ව්‍යවස්ථාදායකයට පවා උඩින් යන, අධිකරණයට පවා වග නොකියන, ලංකාවේ නීතිය අභිබවා යන තත්වයක් ඇතිවෙන ගිවිසුම් කුමන නමින් ආවත් තම තමන්ගේ විරෝධය පළ කරන බව ද ඔහු පැවසීය.

සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් වූ සමාලෝචන වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ දිනයේ ඒ සඳහා පත්කරන ලද කමිටු විසින් භාර දෙන ලදී.

එම වාර්තාව අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීමට නියමිතය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka