gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පසුගිය යහපාලන රජය MCC ගිවිසුමේ අදියර දෙකක් අත්සන් කරලා - ලැබුනු මුදල් ඩොලර් මිලියන 10ක් ගිණුම්ගත කර නෑ !

සුගිය යහපාලන රජය විසින් ජනතාවට නොදන්නා අමෙරිකා එක්සත් ජනපදය සමග ආන්දෝලනාත්මක MCC ගිවිසුමේ අදියර දෙකක් අත්සන් කර තිබෙන බව අද හෙළිවූවා.

මේ බව හෙළිවූයේ MCC ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුවේ අවසන් වාර්තාවෙනි.

මෙම කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද භාර දී තිබෙනවා. එම කොමිසමේ සාමාජිකයින් විසින් අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දී ඇත්තේ ජනාධිපති කාර්යයාලයේදීයි.

ඊයේ දිනයේ මෙම වාර්තාව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දීම සිදු කෙරුණා.

විශ්ලේෂණ භාර රජයේ කේන්ද්‍රීය ආයතන ගිවිසුම අත්සන් කිරීමට පෙර බහු කේෂ්ත්‍රිය ආවරණයක් කර නැති බවද මෙහිදී කමිටු සභාපතිවරයා පෙන්වාදෙනු ලැබුවා.

නිත්‍යානුකුලව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි බවට ඉඩම් කොමසාරිස්වරයා විසින් පැහැදිලි කර ඇත.

ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කිරීමෙන් පසු ප්‍රතිවිරුද්ධ මතයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීම ගිවිසුමට පටහැනි වීමක් බවද කමිටු සභාපතිවරයා සඳහන් කර සිටියා.

නියෝජිතයන් දෙදෙනෙකුට, ඕනෑම කොන්දේසියක් ලිපියක් මගින් වෙනස් කිරීමට හැකි. එවැනි තීරණයක් පාර්ලිමේන්තු පරමාධිපත්‍ය උල්ළංඝනය කිරීමක් වනවා. නීතිපතිවරයාට රජය වෙනුවෙන් පෙනී සිටීමට හෝ අධිකරණය වෙත යාමට හෝ නොහැකි පසුබිමක් ඉන් නිර්මාණය වී ඇති බවද මෙහිදී කමිටු සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පෙන්වා දෙනු ලැබුවා.

MCC ගිවිසුම ක්‍රියාත්මක කළ සෙසු රටවල වත්මන් තත්වය කෙරෙහි ද කමිටු සාමාජිකයෝ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළ අතර එම රටවලට අත්වූ ඉරණම ඉතා කණගාටුදායක බව නිරීක්ෂණය වී ඇතැයි ඕව්හු සඳහන් කර සිටියා.

සියලු කරුණුවලට සාවධානව සවන් දුන් ජනාධිපතිතුමා වාර්තාවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka