gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඡන්ද නීති කැඩීමේ මුල් තැන මෛත්‍රීට !

2020 මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් ඇත 7452 දෙනා අතුරින් මේ වන විට වැඩිම වාර ගණනක් මැතිවරණ නීති කඩකල අපේක්ෂකයා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්ව ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී ධූර අපේක්ෂකයෙක් ලෙස මෙවර මහමැතිවරණයට තරග කරන මෛත්‍රිපාල සිරිසේන මහතා 2020 ජුනි 22 දින වන විට තුන්වතාවක් මැතිවරණ නීති කඩ කළ බවට මැතිවරණ කොමිසමට වාර්තා වී තිබේ.

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පොළොන්නරුව දිස්ත්‍රික් උපාධිධාරීන් පොළොන්නරුව බුද්ධි මණ්ඩල ශ්‍රවණාගාරයට පසුගිය සතියේ රැසකර ඔවුන්ට ත්‍යාග හා සහතික පත්‍ර ලබාදීමට පියවර ගැනීම සහ මෙම මස 20 වැනි දින රාජ්‍ය විශ්‍රාමිකයන් පොලොන්නරුව පොලොන්නරුව අරලිය හෝටලයට කැඳවා ඔවුන්ට ආහාර පානාදිය සංග්‍රහ කිරීමට පියවර ගැනීම යන කටයුතු මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සෘජුවම මැදිහත් ව අතරව අතර මග නවතා දමන ලදී.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මැතිවරණ නීති කඩකරමින් ප්‍රදර්ශනය කර තිබු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව සහ මනාප අංක සහිත බැනර් හා කටවුට් විශාල ප්‍රමාණයක් පොලිසිය විසින් ඉවත් කිරීමට කටයුතු කළේය.

මැතිවරණයට ඉදිරිපත්ව සිටින විවිධ තරාතිරම්වලට අයත් අපේක්ෂකයින් අතර මේ රටේ භාරකරුවාව සිටි රාජ්‍යයේ නායකයා වශයෙන් කටයුතු කළ හිටපු විධායක බලතල ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස මැතිවරණ නීති කඩකිරීම විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණකි.

මේ සම්බන්ධව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් කර ඇත්තේ මැතිවරණ නිලධාරීන්ගෙන් තමන්ට මෙලෙස එල්ලවන බලපෑම් ගැන කනගාටු වන බවයි.

කෙසේවෙතත් මැතිවරණ නීතියට අනුව සංග්‍රහ කිරීම මැතිවරණයට ඉදිරිපත් වන යම් අපේක්ෂකයෙක් සිදුකරනවා නම් එය පවතින මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස සළකා මැතිවරණ නිලධාරීන් මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් කළ ඉහත කටයුතු නතර කර ඇත.
- lankasara


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka