gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත‍්‍රිට තවත් බාල්දියක්.. ඔහුගේ නම පින්තූරය ඇති සියළු සමරු ඵලක පුවරු වසා දමයි

පොළොන්නරුව දිස්ත්‍රික්කය තුල පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් නම හා පින්තූර ඇතුළත් සමරු ඵලක ආදී සියල්ල වසා දැමීමට දැනුම්දී තිබේ.

මැතිවරණ කොමිෂන් විසින් මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයේ පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු වන බැවිනි.

මේ අතර සමගි ජන බලවේගේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරියේ ඇති පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම සහ පින්තූර ඉවත් කරන ලෙසද එම පක්ෂයට දන්වා ඇත.

එම පක්ෂ මූලස්ථානයට පැමිණි මැතිවරණ කොමිසමේ නිලධාරීන් පිරිසක් විසින් මෙම දැනුම් දීම සිදු කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතා මෙවර මැතිවරණයේ අපේක්ෂකයෙකු ඔහුගේ නම සහ පින්තූර ප්‍රදර්ශනය කළ නොහැකි බැවින් මේ ඒවා ඉවත් කරන ලෙස දන්වා ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka