gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තෑගි දෙන්න ආ හිටපු ජනපතිව ඡන්ද නිලධාරීන් හරවා යවයි - (video)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උසස් පෙළ සමතුන්ට සහතික හා තිළිණ ප්‍රදානයකට පොළොන්නරුව බුද්ධි මණ්ඩපයට අද(15) පෙරවරුවේ පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ආපසු හැරී යාමට සිදුවුනා.

ඒ, මෙම උත්සවය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව, එම ස්ථානයට පැමිණි මැතිවරණ නිලධාරීන් පෙන්වා දීමත් සමගයි.

මෛතිපාල සිරිසේන මහතා මෙවර මහා මැතිවරණයට පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස පොලොන්නරුව දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා ලබාදී තිබෙනවා.

පිටව යාමට පෙර වේදිකාවේ පහළ සිට පැමිණ සිටින පිරිස ඇමතූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, මෙම උත්සවය ඡන්ද නීති කැඩීමක් බවට මැතිවරණ නිලධාරීන්ට පැමිණිල්ලක් ලැබී ඇති බවත්, තමන් නීති ගරුක නිසා අද තිළිණ හා සහතික නොදෙන බවත්, ඡන්දයෙන් පසු ඒවා ලබාදෙන බවත් පැවසුවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka