gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනතාවනි, බය නැතුව ඡන්දෙ දාන්න එන්න... ඡන්ද පොළේදී කොරෝනා බෝවෙන්නෙ නෑ - මැ.කො

න්ද පොළේදී කොරෝනා වෛරසය බෝවීමක් සිදු නොවන හෙයින් බිය නැතිව පැමිණ ඡන්දය ප්‍රකාශ කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

"ජනතාවට කියන්න තියෙන්නෙ එන්න, ඡන්දෙ දාන්න. බය නැතුව ඡන්දෙ දාන්න එන්න, ඡන්ද පොළේදී කොරෝනා බෝවෙන්නෙ නෑ.
හැබැයි කොරෝනා ඉවරයි කියලා හිතන් පරණ ජීවිතයට යන්න හිතන්න එපා.

දේශපාලනඥයින්ට, අපේක්ෂකයන්ට සහ ක්‍රියාකාරිකයින්ට කියලා තියෙන්නෙ මැතිවරණ නීති ආරක්ෂා කරන්න, රටේ නීතිය ආරක්ෂා කරන්න, ඊට අමතරව වෛද්‍ය අනිල් ජාසිංහ මහත්තයාගෙ සෞඛ්‍ය රෙගුලාසි නිරෝධායන රෙගුලාසි වලට අනුකූලව කටයුතු කරන්න. වෙනදා වගේ පෙළපාලි මට්ටමෙන් කෑගහගෙන, රැස්වීම්වල සෙනඟ පුරෝගෙන ඒවා කරන්න යන්න එපා.

රජයේ නිලධාරීන්ට කියන්න තියෙන්නෙ ජනතාවගේ මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරැකිමේ වගකීම තියෙන්නෙ අපේ අතේ. ඒක හින්දා එන්න, ඉස්සර වගේ. එයටත් වඩා හොඳින් එන්න, ජන්දෙ දාන්න. ඒක අපේ අයිතියක් කියන එක. ජනතාව එන්න ඡන්දෙ දාන්න - අපි නිලධාරීන් එන්න ඡන්දෙ කරන්න. එන්න වැඩ කරන්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති විශේෂාංග වැඩසටහනකට එක්වෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka