gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කරුණා අම්මාන් ලෙඩ වෙයි - විමර්ශනයට CID කණ්ඩායමක් අම්පාර හා මඩකලපුවට පිටත්ව යයි

මන් අසනීප තත්ත්වයෙන් සිටින බැවින් ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නොහැකි බව විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සිය නිතීඥයින් මාර්ගයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වෙත දන්වා තිබේ. ඒ අනුව තමන්ට සුව වු පසු අදාළ ප්‍රකාශය ලබා දීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිිණීමට බලාපොරෝත්තු වන බව ඔහු දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

අම්පාර ප්‍රදේශයේ දී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළව විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස ඊයේ (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට දැනුම් දි තිබුණා.

ඒ එම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ආරම්භ කළ පරික්ෂණයට අදාළවයි.

මේ අතර CIDය හමුවට පැමිණීමට නොහැකි යැයි දන්නවා ඇති කරුණා අම්මාන් පිළිබඳ විමර්ශනයට CID කණ්ඩායමක් අම්පාර හා මඩකලපුව බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka