gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් තනතුර ජීවන්ට !

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නව මහ ලේකම්වරයා ලෙස, අභාවප්‍රාප්ත වූ ආරුමුගම් තොන්ඩමන් මහතාගේ පුත් ජීවන් තොන්ඩමන් මහතා පත් කිරීමට කම්කරු කොන්ග්‍රසයේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ. අද (17) හැටන්, කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් කාර්යාලයේදී පැවති දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ.

මෙතෙක් එම ධුරය දැරූ අනුෂා සිවරාජ් මහත්මියට උප සභාපති තනතුරක් ලබා දීමටද දේශපාලන මණ්ඩලය තීරණය කර ඇත.

ආරුමුගම් තොන්ඩමන් මහතාගේ අභාවයෙන් හිස් වූ නුවරඑළිය දිස්ත්‍රික් පොදුජන පෙරමුණු මහ මැතිවරණ අපේක්ෂකත්වය සඳහා ද මේ වනවිට නිළ වශයෙන් ජීවන් තොන්ඩමන් මහතා නම්කර ඇති අතර එසේ නම් කිරීමටද පෙර සිටම ඔහු සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka