gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුඩා දරුවන් පැවිදි කිරීම ද ඉතා සහාසික ක්‍රියාවක් කීව මංගලට 'සංඝ ආඥාවක් පැනවිය යුතුයි' - හෑගොඩ විපස්සි හිමි

හිටපු අමාත්‍ය මංගල සමරවීරට සංඝ ආඥාවක් පැනවිය යුතු බව රත්මලාන ධර්ම පර්යේශනාලයාධිපති පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව පවසා ඇත්තේ මංගල සමරවීර විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති 'ට්විටර්'  පණිවිඩයක් සම්බන්ධයෙන්  'යූ ටියුබ්' නාලිකාවකට ප්‍රකාශයක් කරමිනි.

තලේබාන්වල ළමා මනාලියන් වගේම ලංකාවේ කුඩා දරුවන් පැවිදි කිරීම ද ඉතා සහාසික ලෙස එම දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව මංගල සමරවීර එම 'ට්විටර්' පණිවිඩයේ සටහන් කර තිබිණ.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, කුඩා ගැහැණු දරුවකු පැවිදි කිරිමට අදාලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින සංවේදී ජයාරූප කිහිපයක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. ඊට ප්‍රතිචාර දක්වමින් මංගල සිය ට්විටර් පණිවිඩයේ මෙසේ සඳහන් කර ඇත.

''කුඩා ගැහැණු හා පිරිමි දරුවන් භික්ෂු භික්ෂුණියන් ලෙස පැවිදි කිරීම කොටින්ගේ ළමා සොල්දාදුවන් හා තලේබාන් ළමා මනාලියන් තරමට කම්පනයට පත් කරන්නක්. මෙය ඉතා සහාසික ලෙස දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.''



මෙරට මහා සංඝරත්නය තලේබානුවන්ට සම කරමින් කරන ලද එම ප්‍රකාශයට එරෙහිව ත්‍රෛයිනාකායික මහා නාහිමිවරුන් මෙන්ම සමස්ථ භික්ෂූන්වහන්සේම නැගී සිටිය යුතු බවත් සංඝ ආඥාවක් පනවා ඔහු බෞද්ධත්වයෙන් ඉවත් කළ යුතු බවත් විපස්සි හිමි වැඩිදුරටත් අවධාරණය කර සිටිති. උන්වහන්සේ එසේ වදාරා ඇතත්, කුඩා දරුවන් පැවිදි කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විරෝධයක් එල්ල වෙමින් තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka