gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු බෝම්බ ප‍්‍රහාරයට වගකිව යුත්තා ජනාධිපතියි - හරීන් තවත් හෙලිදරවුවක

පාස්කු ප්‍රහාරය පිටිපස්සේ මේ ආණ්ඩුව හිටියා වෙන්න පුළුවන් කියන එක ගැන මගේ සැකයක් තිබෙනවා. 21 වැනිදා බෝම්බ ගහන්නේ. 27 වැනිදා එක් නාලිකාවක් ගෝඨාභය රාජපක්ෂව සජීවි වැඩසටහනකට ගෙන්වනවා. රට අනතුරේ. රට භාරගන්න කැමැතිද අහනවා. ඔවු මම සූදානම් කියනවා. ගේම් එක කොහොමද. ඊට පස්සේ ප්ලෑන් කරපු හැටි කොහොමද. රටේ ප්‍රශ්න ඇති කරපු හැටි කොහොමද. වෙච්ච විනාශය කොහොමද. මාධ්‍යවලින් ගහපු ගැහිල්ල කොහොමද යැයි බදුල්ල දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පවසයි.

හරින් ප්‍රනාන්දු මෙසේ පැවසූයේ සමඟි ජන බලවේගයේ තංගල්ල ආසන බල මණ්ඩල රැස්වීමට ඊයේ (25) පස්වරුවේ සහභාගි වෙමිනි.

මම ගණන් හදල පෙන්නලා කිව්වා සියයට පනස්දෙකක් ගොඨාභය රාජපක්ෂ ගත්තා. සජිත් ප්‍රේමදාස මහත්තයා සියයට හතළිස් දෙකක් ගත්තා. සියයට පහයි ගෝඨාගේ ගොඩෙන් සජිත් ගොඩට යන්න තිබුණේ. එහෙම වුණානම් දෙවැනි මනාපය බලන්න ඕනෑ. ජේවීපී එක දෙවැනි මනාපය ගැහුවේ සජිත් ප්‍රේමදාස මහත්තයාට. මේක යටපත් කරන්නයි රනිල් මහත්තයා අගමැති කතාව කිව්වේ. ඒක යටපත් කරන්නයි පාස්කු ප්‍රශ්නය ගෙනාවේ. මගේ ප්‍රතිපත්තිය තුළ මට බොරු කියන්න බැහැ.

මට කාදිනල් හිමිපානන් එක්ක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මාධ්‍ය නාලිකා එක්ක ප්‍රශ්නයක් තිබෙනවා. කරුණා අම්මාන් කියනවා හමුදාවේ තුන්දාහක් මැරුවා කියලා. මෙයාව හෙට අනිද්දාට සීඅයිඩීයට ගෙනියනවා කියල කලින් මම කිව්වා වගේම වුණා. ඡන්දෙට සති දෙකක් තියලා මෙයාව ඇතුළට දානවා. බන්ධනාගාරයෙ ඇතුළේ ෆ්‍රිජ්, ඇඳවල්, ටෙලිෆෝන් තිබෙනවා. සති දෙකකට ඇතුළට දාල තියෙනවා. උතුරේ දෙමළ මිනිස්සු හිතනවා කරුණා අපි වෙනුවෙන් හිරේ ගියේ. ඒ නිසා කරුණාව බේරගන්න අපි ඡන්දෙ දෙන්න ඕනෑ කියලා. මෙන්න ඡන්ද කෙරුවාව.

අපි සමඟි ජනබලවේගය හැදුවේ ඕනෑම කෙනෙකුට මේක ඇතුළට එන්න පුළුවන් විදියටයි. මේ රටේ තිබෙන අසාධාරණය අයුක්තිය දකින්නයි.

මේ දේශපාලනයේ තව කීප දෙනෙක් යන්න ඉන්නවා. සරත් ෆොන්සේකා මහත්තයාට ෂොට් එක දෙන්න යන්න ඉන්නේ. කිසිම හේතුවක් නිසා නෙවෙයි. දේශපාලනය අවංකවම කරපු නිසායි.

පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕනෑ මෛත්‍රිපාල සිරිසේන මහත්තයායි. මම බය නැතුව කියනවා. එතුමා තමයි එවකට හිටපු විධායක ජනාධිපති. සේනාධිනායක. පොලිසිය, බුද්ධි අංශය, ආමි එක සියල්ලම එයාගේ යටතේයි.

සජිත් මහත්තයාට දිනන්න දුන්නේ නැත්තේ අලියායි. හැබැයි අලියා අයිති අපිටයි. හැබැයි දැන් ඉන්න ඇත් ගොව්වා මෙන්ටල් කෙනෙක්. ඇත් ගොව්වා මාරු කරගන්නම ඕන. සජිත් මහත්තයාගේ අඩුපාඩුවක් තිබෙනවා කියලා හිතන්නවත් එපා යැයිද සඳහන් කර සිටියේය.

– ADA


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka