gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රීලනිප සියළු මන්ත‍්‍රීන් පොහොට්ටුවට එක්වී ජනපතිගේ දෑත් ශක්තිමත් කරනවා.. ඔහු ජනාධිපති නොවුයේ නම් අද ලංකාව අමු සොහොනක් - දයාසිරි ජයසේකර

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට විරුද්ධ පක්ෂයක් නොවන බවත් , මහ මැතිවරණයෙන් පසු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් තේරි පත් වන මන්ත්‍රිවරුන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග එක් වි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශක්තිමත් කිරිමට කටයුතු කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍යය දයාසිරි ජයසේකර මහතා පැවසිය.

දයාසිරි ජයසේකර මහතා එ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මස්කෙලිය ආසනයේ පක්ෂ කාර්යයාලය (19) දින හැටන් වටරවුම් පාරේ විවෘත කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහ ලේකම්වරයා කියා සිටියේ මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග එක් ව තරග කිරිමට තිරණය කර තිබුණද තම පක්ෂයට ලැබුණු අපෙක්ෂක ගණන අඩුවිම හේතුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තනිවම තරග කිරිමට තිරණය කල බවයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විවේචනය කරන වැඩි පිරිසක් එක්සත් ජාතික පක්ෂයට ද සහයෝගය දක්වන පිරිසක් බවයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කියා සිටින්නේ.

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග ඇමරිකාව අද සොහොන් බිමක් බවට පත් වි ඇති බවත් , ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා නොවුයේ නම් ඇමරිකාවේ තත්ත්වයට ශ්‍රි ලංකාවද පත් වන බව දයාසිරි ජයසේකර මහත පැවසිය.

නියම ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෙකු විමට නම් පාද දෙකම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුල තබා ගනිමින්  කටයුතු කරන ලෙසද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබා ගන්නා ඕනැම අයෙකුට පක්ෂපාතිව කටයුතු කිරිමට පක්ෂ සමාජිකයන් කටයුතු කල යුතු බවයි දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ.

පක්ෂ කාර්යයාලය විවෘත කිරිමේ අවස්තාවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මස්කෙලිය ආසනයේ සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක නිතිඥය ජනජිත් ද සිල්වා , නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ අපෙක්ෂක රොෂාන් ගුණවර්ධන , උතුරු මැදි පලාත් හිටපු ආණ්ඩුකාර සුරෙන් රාගවන් මහතාද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka