gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ සුපිරි අපරාධකාරයෝ ඊයේ බූස්සට ගෙනෙයි.. රට හොල්ලපු පාතාලයන්ට වෙන දේ ‘නම් ගම් එක්ක’ දැන ගන්න

බූස්ස බන්ධනාගාරය තුළ සිට පිටතට කිසිදු දුරකථන ඇමතුමක් ගත නොහැකි අයුරින් දුරකථන ඇමතුම්වලට බාධා පමුණුවන ජෑමර් යන්ත්‍ර පෙරේදා (14) වන විට බූස්ස බන්ධනාගාරයේ සවිකර සම්පූර්ණයෙන්ම බන්ධනාගාරය ආවරණය කර තිබෙනවා.

මේ සමග කළුතර, වැලිකඩ, අඟුණකොළපැලැස්ස ඇතුළු රටපුරා බන්ධනාගාරවල සිටින දරුණු අපරාධකරුවන් බූස්සේ විශේෂ සිරමැදිරිවල රැඳවීමට ඊයේ (15 වැනිදා) සිට ආරම්භ වුණා.

මේ අනුව අලුතින් නවීකරණය කරන ලද විශේෂ සිරමැදිරි දාහතරක රැඳවීමට බ්ලුමැන්ඩල් සංඛ, ගණේමුල්ල සංජීව, ජපන් චූටි, ඉන්දික සම්පත් (කැවුමා), ගොත අසංක, කුඩු රොෂාන්, මර්වින් ජානා, පරෙයි සුදා, උරුජුවා, පොඩි ලැසි ඇතුළු දරුණු ගණයේ ලැයිස්තුවට ඇතුළත් කළ පිරිස වෙනත් බන්ධනාගාරවල සිට එහි ගෙනවිත් තිබෙනවා.

මෙම අධි ආරක්ෂිත බන්ධනාගාරයේ දරුණු ගණයේ අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූ එකසිය හතළිස් ගණනක් රැඳවීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත බන්ධනාගාර දෙපාර්තමේන්තුව, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා බුද්ධි සේවාවන් ඒකාබද්ධව ලැයිස්තුවක් සකස් කර තිබුණා.

මේ අනුව ඉදිරියේදී සෙසු කණ්ඩායම්ද රැඳවීමට නියමිතව ඇත. වෙලේ සුදා, කණ්ජිපානි ඉම්රාන්, ​පොට්ට නවුෆර් ඇතුළු දරුණු ගණයේ මත්ද්‍රව්‍ය ජාවාරමුන් හා පාතාල නායකයන් මූලික අදියරේදීම බූස්ස බන්ධනාගාරයේ රැඳවීය.

මෙම ක්‍රියාවලිය මගින් බන්ධනාගාර කේන්ද්‍ර කරගෙන සිදුකරන අපරාධ සියයට අනූවක්ම අඩු වී යා හැකි බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ විශ්වාසයයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka