gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුප්පි ලාම්පුවෙන් රැස්වීම් තියාපු මිනිස්සු අපි - හිටපු අමාත්‍ය ජයරත්න හේරත්

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ  17 ( ඊයේ ) කුරුණෑගල කුඩාගල්ගමුව කුඩාගල්බඩ කෝරලයේ පැවති පළමු  කෝරළ රැස්වීම අමතමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජයරත්න හේරත් මහතා කියා සිටියේ , 2015 ජනවාරි අට වෙනිදා අපි දැවැන්ත දේශපාලන ඛේදවාචකයකට ගොදුරු වුනා. අපේ හිටපු පක්ෂෙම මහ ලේකම්ව අරගෙන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් ගොඩනගා ගත්තා.
රටේ මිනිස්සුන්ගේ අහේතුවට එයාලා එදා  ජයග්‍රහණය කළා. ලබාගත් බලය තුළ  බලතල පරස්පරතාවයක් ඇතිවුනා. අවසානයේ එදා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති අගමැති රනිල් වික්‍රමසිංහව ධූරයෙන් එලෙව්වා. විදේශ කුමන්ත්‍රණකරුවන් අපේ රටේ දේපල කොල්ලා කෑවා. නැවත බෝම්බ හඬ ඇහුනා, රටේ පරිපාලනය බිඳ වැටුනා. කොළඹ නගරයේ කඳුළු ගෑස් බැටන් පොලු ප්‍රහාර තමයි දකින්නට හැකිවුණේ. 2015 දී පනස් අට ලක්ෂයක් ඡන්දය දීපු නිදහස් පක්ෂයට පක්ෂයක් පවා නැතිවුනා. අපි පොදුජන පෙරමුණ නිර්මාණය කරලා පළාත් පාලන මැතිවරණය මුලින්ම ජයගත්තා.

බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අපි කුරුණෑගල ප්‍රාදේශීය සභාවටත් නගර සභාවටත් ගැලපෙන අපේක්ෂකයෝ ඉදිරිපත් කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ අපි ජයග්‍රහණය කළා. ගෝඨාබය රාජපක්ෂ මැතිතුමා ලක්ෂහැට නවයකින් වාර්තාවක් තබමින් ජයග්‍රහණය කළා. ඒ බලය ලබාගත්තත් රට කරවන්න හොඳ පාර්ලිමේන්තුවක් අපට අවශ්‍ය වුනා. සක්‍රීය පාර්ලිමේන්තුවක් බිහිකිරීම අපි මේ මැතිවරණයෙන් බිහි  කරන්න බලාපොරොත්තු වෙනවා . ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්නේ  යුධ පෙරමුණේ අවි දරාගත්ත රණ විරුවෙක්. රටක් කරවන්න දැනුම බුද්ධිය සහ පෞරුෂය ගෝඨාභය රාජපක්ෂ  මැතිතුමාට තියනවා

කොරෝනා වෛරසය නිසා  පීඩනයට ලක්වුණු අපේ රටේ ඒ වසංගතය අවම වෙන විදියට  කළමනාකරණය  කරන්න ජනාධිපතිතුමාට හැකි වුනා .  ඒ වගේම දූෂණය වංචාව පිටු දකින්න පරිලිමෙන්තුවක් පිහිටුවාගන්න අවශ්‍ය පරිදි කටයුතු කරන්න හැකිවුනා . කුරුණෑගල ආසනයේ මම බාරගන්න කලින් බොහොම ප්‍රචණ්ඩත්වය තිබුණු ආසනයක්. මම ඒ ස්වභාවය නැති කළා. අපේ ආණ්ඩු කාල සීමාව තුල කුඩාගල්බඩ  කෝරලයේ විදුලි බලය ලබාදීමේ  ඉඳන් විශාල සංවර්ධනයක් මම කළා.

ඉදිරි සංවර්ධන කටයුතු වලට කුරුණෑගලට  ආසන මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් ඉන්න ඕනේ. මීට අවරුදු හතරක කාල සීමාවක ඉඳන් මම ගෙදරට වෙලා ඉද්දිත්  ඡන්දය දෙන ඔබට   අභිමානයක් වන විදියට තමයි  මම හැසිරුනේ. මම ගත්ත තීන්දු එදාටත් නිවැරදි හෙටටත් නිවැරදි කියල මට තේරුනා. ඔබ වෙනුවෙන් සියලු ඉදිරි සංවර්ධන කටයුතු කරන්න මම වැඩපිලිවෙල සකස් කරලා තියෙන්නේ  .සමස්ත සහයෝගයක් ඇතුවයි අපි මේ ආසනය මෙවර ජයග්‍රහණය කරන්නේ . යාපහුව , ගිරිබාව ගල්ගමුව පොල්ගහවෙල මාවතගම ආසන වල ජනතාව දන්නවා මම කොපමණ වැඩ කරලා තියනවද කියලා. ඒ වගේම තමයි අපිට මල්මාලා වගේම ගල්මුල් ප්‍රහාරත් හොඳට හුරුයි .අපි අපේ යුතුකම වෙනුවෙන් ඕන දෙකට තමුනන්සේලා වෙනුවෙන් මුහුණ දෙනවා . අපේ රටේ දිස්ත්‍රික් නායක තමයි  මහින්ද රාජපක්ෂ  අගමැතිතුමා . ලංකාවේ ඉන්න පරමාදර්ශී නායකයා තමයි අපට නායකත්වය දෙන්නේ. අගෝස්තු මාසයේ පස් වෙනිදා පාර්ලිමේන්තුව තුල හොඳ හයියක් ඇතිකරමින් තුනෙන් දෙකක බලයක් අරගෙන අපේ බලය පිහුටුවා ගන්න ඕනේ

අපි 1977 ඉඳලා 1994 වෙනක් අවුරුදු 17 ක් පැරදිලා  හිටියා . එත් අපි අපේ වැඩ පිළිවෙල අත්  ඇරියේ නෑ . කුඩාගල්බඩ  කෝරලයේ ජනතාව  හරි ශක්තිමත් . කුප්පි ලාම්පුවෙන් රැස්වීම් තියාපු මිනිස්සු අපි . අපි ඒ සියල්ල අද සංවර්ධනය කරලා තියනවා .මේ මැතිවරණය නියත වශයෙන්ම ගෝඨාභය ජනාධිපතිතුමාට ඉහලින්ම ජයග්‍රහණය කරවලා දෙන්න කටයුතු කරන්න.

මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී නීතීඥ පියුමාල් හේරත්, හිටපු පළාත් සභා මන්ත්‍රී  අශෝක ප්‍රේමදාස ,කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති අචල නිමන්ත ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ගම්වාසීන්, උපාධිධාරීන්, ශාඛා සමිති නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය .




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka