gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

’’කෝ මේ ජනාධිපතිගේ චණ්ඩිකම අන්න නැගෙනහිර ජැටිය දෙන්න යන්නේ නතර කරන්න’’ - චමීර පෙරේරා

කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය විකිණීමට ආණ්ඩුව සැරසෙන බව සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක සිවිල් ක්‍රියාකාරී චමීර පෙරේරා මහතා අවධාරණය කරයි. පෞද්ගලීකරණයට ඉඩ නොදෙන බව පවසමින් බලයට පත් වූ, කිසිවෙකුටත් යට නොවන බව පැවසූ ජනධිපතිවරයා දැන් යට වී සිටින බව පෙනෙන්නට ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

පසුගිය ආණ්ඩුව සමයේ ගෙන්වීමට කටයුතු කරන ලද දොඹකර තුන ක්‍රියාකරවීමට ඉඩ නොදීමෙන් එය පැහැදිලි වන බව චමීර පෙරේරා මහතා පෙන්වාදෙයි.

"පහුගිය ආණ්ඩුව කාලේ කරපු පෞද්ගලීකරණයට අපි ඉඩ දෙන්නේ නැහැ,අපි රටවලට යට වෙන්නේ නැහැ,අපි කාටවත් යට වෙන්නේ නැහැ, වැඩකරන විරුවා කිව්වේ එහෙමයි. ඊයේ පෙරේදත් ඕකම කිව්වා. දැන් යට නොවෙන හැටි පේන්න තියෙනවා. මේ වන විට වරායේ සේවකයෝ සභාපතිගේ කාර්යාලය වකරගෙන කෑගහනවා පහුගිය ආණ්ඩුව කාලේ දොඹකර තුනක් ගෙන්වලා තියෙනවා, නැගෙනහිර ජැටියේ වැඩකටයුතු ආරම්භ කරන්න. ඒ දොඹකර තුන බාවන්න දෙන්නේ නැහැ. ඒ සේවකයෝ චෝදනා කරන්නේ ජනාධිපතිවරයා දොඹකර තුන අබවන්න දෙන්නේ නැහැ කියලා. කාගේ වුවමනාවටද මේ. අපි දන්නවා නැගෙනහිර ජැටිය කාටද දෙන්නේ යන්නේ කියලා. කාටද පවරන්න යන්නේ කියලා. කාගේ බලපෑමටද මේ කරන්නේ. ජනාධිපතිවරයා  සිංහයා වගේනේ කතා කළේ. අපි දැක්කනේ මහ බැංකුවට කෑ ගහපු විදිහ. ඒ විදිහට කෑගහලා කියන්නකෝ ඕක බවලා දෙන්න කියලා. කිව්වේ යට වෙන්නේ නැහැ කියලනේ. යට නොවුණු බව පෙන්වන්න. දොඹකර තුනෙන් වැඩ පටන් ගන්න. නැගෙනහිර පර්යන්තයේ වැඩ පටන් ගන්න දෙන්න. නැගෙනහිර පර්යන්තය දෙන්න යන්නේ. අපි කිව්වා දිගින් දිගටම විකුණන යන්නේ කියලා. ඒ බලපෑම මත තමයි දොඹකර තුන බාවන්න දෙන්නේ නැත්තේ.

පහිගිය කාලේ සින්නකරව දුන්න ඒවා යම් යම් සහන මත ආණ්ඩුවට ගන්න වුණා. ජනාධිපතිවරයා පත්කරපු අශෝක් පතිරගේ බය නැතිව ඇවිල්ල කියනවනේ ශ්‍රී ලන්කන් එයාර් එකේ  400ක් දොට්ට දැම්ම කියලා. ජනධිපතිවරයා ගිරිය පුප්ප්ලා කෑගහන්න ඕනේ ඒකටනේ. කෝ ඒ චණ්ඩිකම්. මහ බැංකු අධිපතිවරයා ගෙන්වලා කරන සත්තම දාන්නකෝ අශෝක් පතිරගේට ඇයි ඕයි තමුසේ 400ක් එළියට දැම්මේ කියල."

කෙසේවෙතත් ජනාධිපතිවරයා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කතා නොකරන අතර ඔහුට කේන්ති යන්නේ ව්‍යාපාරිකයන්ට සහන නොදෙන තත්ත්වයන් තුළ බව චමීර පෙරේරා මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka