gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගරදගුරුට රන්ජන්ගෙන්ද චෝදනා.. පක්‍ෂපාතීත්වය ගැන ෆයිල් තමන් සතු බව කියයි..

කාදිනල් හිමියන් ගැන තමන්ටද විවේචනයක් ඇතැයි හිටපු රාජ්‍ය ඇමති සමගි ජනබලවේගයේ අපේක්ෂක රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි. තමන් සතුව කාදිනල් හිමියන්ගේ පක්‍ෂපාතීත්වය ගැන තොරතුරු රැසක් ඇති බව ද ඔහු පවසයි.

නමුත් එම තොරතුරු මේ මොහොතේ හෙළි කිරීමට තමන්ට නොහැකි බවද ඔහු කියා සිටී.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආගමික නායකයන් ගැන ආන්දෝලනාත්මක අදහස් දැක්වීම සිදු නොකරන ලෙස සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබීම නිසා මෙම හෙළිදරව් සිදු නොකරන බව ද ඔහු පවසයි.

කෙසේ නමුත් අවශ්‍ය මොහොතේදී සියළු තොරතුරු හෙළිදරව් කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka