gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ - මැතිවරණය පැවැත්වෙන දිනය ගැන තීරණය හෙට!

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් හෙට (03) දින මැතිවරණ කොමිසම රැස් වී තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ සහ ජුනි මස 20 වැනි දින මැතිවරණය පැවැත්වීමට අදාළ නිකුත් කළ ගැසට් නිවේදන අභියෝගයට ලක්කරමින්
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණුකර තිබුණු පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කිරීමත් සමඟ මැතිවරණ කොමිසම මහ මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු සඳහා සූදානම් වීම ආරම්භ කර ඇත.

ඒ අනුව ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අදම ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අදාළ උපදෙස් මීට පෙරම මැතිවරණ කොමිසම විසින් රජයේ මුද්‍රණාලය වෙත දැනුම් දී තිබුණි.

අදාළ පෙත්සම් දින 10 ක් තිස්සේ සලකා බැලීම සිදුකෙරිණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී .
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka