gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ආවා’ කල්ලි නායකයෙකුගේ උපන්දින සාදයක් වටලයි.. 26ක් අත්අඩංගුවට !

යාපනය මරුදනගර් ප්‍රදේශයේදී නීතිවිරෝධීව උපන්දින සාදයකට සහභාගී වූ තරුණයින් 26 දෙනෙකු ඊයේ (15) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවට යාපනය පොලීසිය පවසයි.

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලි නායකයෙකුගේ උපන්දින සාදයක් නීතිවිරෝධීව පැවත්වෙන බවට යාපනය පොලීසියට ලැබුනු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් විසින් අදාල
උපන්දින සාදය පැවති ස්ථානය වටලා සිදු කරන ලද සෝදිසියකදී එහි සිටි 26 දෙනෙකු හා යතුරුපැදි 08 ක් අත්අඩංගුවට ගෙන ඇත.

නිරෝධායන නීතියට පටහැනිව රැස් වීම හා නියමිත් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය නොකොට උපන්දින සාදය පැවත්වීම යන චෝදනා මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස්හි සාමාජිකයින් මීට පෙර පහරදීම් හා මංකොල්ල කෑම් මෙන්ම ආවා කල්ලි වැනි කල්ලිවලට සමබන්ධ පිරිස්දැයි යන්න සෙවීමටද පරික්ෂණයක් යාපනය පොලීසිය විසින් ආරම්භ කොට ඇත.

අත්අඩංගුවට ගත් පිරිස් මරුදනගර් ඇතුලු යාපනය ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර එම පිරිස් යාපනය අධකිරණය වෙතට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka