gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වැලිකඩ හිරගෙදරට ‘කුඩු' ඇද්ද 60 හැවිරිදි කත දිවි ඇති තෙක් සිරගෙට !

ත්කුඩු ග්‍රෑම් 3.6 ක් වැලිකඩ බන්ධනාගාරය තුළට සඟවාගෙන රැගෙන ගොස් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 60 හැවිරිදි කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින්  ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

2013 වසරේ අගෝස්තු මස 30 වනදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කළ මෙම විත්තිකාර කාන්තාව සිය යෝනි මාර්ගය තුළ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.6 සඟවා ගෙන වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යාමට තැත් කළ අවස්ථාවේ සිදුකරන ලද පරීක්ෂණයක දී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී ඇය සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය තුළ ප්ලාස්ටික් පැකට් වශයෙන් අසුරන ලද මත්කුඩු පැකට් 216 ක් අන්තර්ගත වී තිබුණු බවද නඩු විභාගයේ දී සඳහන් වී තිබුණා.

ඒ අනුව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාරිය ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ මත්කුඩු සන්තකයේ තබා ගනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka