gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

උතුම් සම්බුදු තෙමඟුල සමරන වෙසක් ‍පෝය අදයි !

බෞද්ධයන් අතර ප්‍රධානම ආගමික උත්සවය වන වෙසක් පොහොය දිනය අදට (07) යෙදී තිබෙනවා. ලොව්තුරු අමා මෑනී බුදු පියාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන්නේ අද වැනි උතුම් පොහෝ දිනයකයි. බුදුරදුන්ගේ ඉපදීම, බුදුවීම,පිරිනිවන් පෑම යන තෙමගුල සිදුවූ දිනය වශයෙන් වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාවට වැදගත් වෙනවා.
බොහෝ ඈත අතීතයේ සිටම අප රටෙහි බුදු තෙමගුල සිහිගන්වන වෙසක් පොහොය දිනයට හිමිවූයේ සුවිශේෂී ස්ථානයක්.

ඒදා රජවරුන් රාජ්‍ය කරන සමයෙහි පටන් වෙසක් දිනය උත්සවශ්‍රීයෙන් සැමරූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ වෙසග සමග බැදි සංස්කෘතිකාංග රැසක් පවතින අතර ඒය අපගේ අනන්‍යතාවය විදහාපෑමට මහෝපකාරී වෙයි.

අප රටෙහි බොදු ජනයා සෑම වසරකම කල්තියාම වෙසක් සැමරීමට සූදානම් වෙනවා. වෙසක් පහන් කූඩු නිවෙස් ආශ්‍රිතව ඉදි වෙත්දී, පංසල්වල පිංකම් සිදු වෙද්දී, නගර මැද දැවැන්ත වෙසක් තොරණ සහ අඩියෙන් අඩියට විවෘත වන විවිධ දන්සල් සංවිධානය වෙනවා.

ඉන් කියාපාන්නේ මිනිසුන්ගේ ඒකමුතුකම, ත්‍යාගශීලීකම, පරිත්‍යාගය, දක්ෂතාවය මෙන්ම නිර්මාණගීලිත්වයයි.

නමුත් පසුගිය වසරේ අපිට පාස්කු ප්‍රහාරය හමුවේ වෙසක් සමරන්නට හැකි වූයේ නැහැ.

මේ දිනවල ලෝකය හමුවේ පැතිර යන කෝවිඩ්-19 වසංගතය මෙරටටත් අභියෝගයක් වී ඇති හෙයින් මෙවරත් අපිට උත්සවාකාරයෙන් වෙසක් සමරන්න හැකි වී නැහැ.

ඒ හේතුවෙන් රට පුරා පවතින ඇදිරි නීති තත්ත්වය හමුවේ රජයේ සහ සෞඛ්‍ය අංශවල උපදෙස් වලට අවනත වෙමින් ආරක්ෂිතව සැවොම මෙවර නිවසේ සිට වෙසක් සැමරීම සිදු කරනවා.

මෙවර 2564 වැනි සම්බුද්ධත්ව ජයන්තියේ තේමා පාඨය කාලීන වූවක්. ඒනම් "ආරෝග්‍යා පරමා ලාභා.. සන්තුට්ඨී පරමං ධනං" යන්නයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka