gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොටි නායිකාවගේ ඡායාරූපයට මල් මාලා දැමූ දෙමළ සන්ධාන මන්ත්‍රී පොලිසියට

දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් පසුගියදා (15)  වැනිදා ප්‍රකාශයක් සටහන කර ගැනීම වෙනුවෙන් කිලිනොච්චිය පොලිසියට කැඳවු බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.
මාර්තු 08 වැනිදා පැවැත්වු ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහනකදි හිටපු එල් ටි ටි නායිකාවකගේ ජායාරූපවලට මල්මාලා පැළඳ සැමරීමක් සිදුකිරීම සම්බන්ධයෙන් කිලිනොච්චිය ප්‍රදේශවාසියෙකු සිදුකළ පැමිණිල්ලකට අදාළ ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු මන්ත්‍රීවරයා පොලිසියට කැඳවා තිබෙනවා.

හිටපු මන්ත්‍රීවරයාට අමතරව කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාවේ සභාපති අරුනාචලම් වේලමාලදන් නමැත්තාගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි සඳහන්.

කිලිනොච්චිය පිහිටි දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේදී අදාළ සැමරුම් වැඩසටහන පවත්වා ඇති බවට කිලිනොච්චිය ආරක්ෂක අංශ පැවසුවා.

මැයි 18 වැනිදා යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සැමරීමේ වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුම් වැඩසටහන් පැවැත්වීමටද දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් උතුරේ ජනතාව දැනුවත් කොට ඇති බවද ආරක්ෂක අංශ පවසනවා.

වවුනියාව - එන්.ප්‍රියදර්ශනි


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka