gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රූපලාවාන්‍යාගාර විවෘත කිරීමට කොන්දේසි රැසක් - වෛද්‍ය අනුමැතියත් අවශ්‍යයි

රූපලාවාන්‍යාගාර සහ කොණ්ඩා කපන ස්ථාන විවෘත කළ හැක්කේ ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ සහතිකය ලබාගැනීමෙන් පසුව පමණක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ පිළිබඳ කරුණු ඇතුළත් චක‍්‍රලේඛයක් ද මේවනවිට නිකුත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් සඳහන් කළේ.
එම සහතිකය ලබාගන්නා තෙක් දිවයිනේ කිසිඳු රූපලාවාන්‍යාගාරයක් සහ කොණ්ඩා කපන ස්ථානයක් යළි විවෘත කිරීමට උත්සහ නොකළ යුතු බව ද ඔහු සඳහන් කළා.

ආයතන හා වැඩබිම්, රාජකාරී සඳහා යළි ආරම්භ කිිරීමේදී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබුණා.

එලෙස රාජකාරී ආරම්භ කිරීමට අවසර ලබාදුන් ආයතන සහ වැඩබිම් අතරට රූපලාවාන්‍යාගාර සහ කොණ්ඩා කපන ස්ථාන එක් නොකිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ද වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් නෙත් නිවුස් වෙත මෙලෙස පැහැදිළි කළා.

-නෙත්


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka