gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් බ්‍රිතාන්‍යයේ වෙළඳ ඇමති ධුරයට

ශ්‍රී ලංකා සම්භවයක් ඇති එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාගේ රජයේ වෙළඳ අමාත්‍යවරයා ලෙස පත් කර ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ (06) වැනිදා මෙම පත්කිරීම සිදු කර ඇති බව සදහන් වේ.
ඔහු නව තනතුරට පත් කිරීමට බොරිස් ජොන්සන් කටයුතු කරනු ලැබුවේ එම ධුරය දැරූ කොනර් බර්න්ස් එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චර්යාධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දින හතක අත්හිටුවීමක් හේතුවෙන් බර්න්ස් මහතා සඳුදා සිය ධුරයෙන් ඉවත්ව ගියේය.

ශ්‍රී ලාංකිකයකු වන නලින් ජයවර්ධන සහ ඉන්දීය ජාතික මවකට දාව 1986 වසරේදී බ්‍රිතාන්‍යයේ උපන් රනිල් ජයවර්ධන මහතා 2015 සිට මේ දක්වාම එරට ඊසානදිග හැම්ප්ෂයර් ප්‍රදේශය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින්නෙකි.

2015 වසරේ මැයි 08 වැනිදා පැවති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේදී එරට පාර්ලිමේන්තුව තේරී පත්වූයේ ඡන්ද 35,573 ක් ලබා ගනිමිනි.ඉන්පසුව 2017 පැවති මහමැතිවරණයෙන්ද ,2020 ජනවාරි පැවති මැතිවරණයෙන්ද හෙතෙම ජයග්‍රහණය කළේය.

මේවන විටත් එරට පාලක පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන හෙතෙම එරට ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් විශ්වවිද්‍යාලයේ උපාධිධරයකුද වේ.



gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka