gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දැන් කොරෝනා වාර්තා වෙන්නේ නාවික හමුදාවෙන් විතරයි පිට කොහේවත් නැහැ - පවිත්‍රා

pavithra wanniarachchi contact number
නාවික හමුදාවේ සිටින අය හැරුණු විට වෙනත් ස්ථානවලින් මේ වන විට කොරෝනා ආසාදිතයින් වාර්තා නොවන තත්ත්වයක් පවතින බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අද (04) කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

"පසුගිය දිනවල රෝගීන්ගේ වැඩිවීමක් සිද්ධ වුණත් මේ දිනවකවනුව වන විට රෝගීන්ගේ වාර්තා වීමේ අඩුවක් පවතිනවා. විශේෂයෙන්ම නාවික හමුදාවේ සේවය කරන ගෞරවනීය සොහොයුරන් ඇරෙන විට වෙනත් විදිහකට වාර්තා වන රෝගීන් අපට දක්නට ලැබෙන්නේ නැහැ. පසුගිය දවස්වල දවසකට 30ක් වාර්තා වුණ අවස්ථා තිබුණා. ලොව වෙනත් රටවල් එක්ක බලන විට දවසකට 30ක් 40ක් වාර්තා වුණා නම් අද වෙද්දී 300ක් 400ක් වාර්තා වෙන්න ඕනේ. එවැනි වාර්තා වීමක් අප රට තුළ දක්නට ලබන්නේ නැහැ. මම හිතන්නේ ඒකට ප්‍රධානම හේතුව තමයි ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ උපදෙස් මත බුද්ධි අංශ මහත් කැපවීමකින් මේ රෝගීන් හඳුනා ගැනීමෙන් පසු ඒ රෝගීන් වටා තිබෙන පළමුවෙනි වළල්ල දෙවෙනි වළල්ල තුන්වෙනි වළල්ල ආදිය දැඩි සුපරීක්ෂාකාරිත්වයක් යතතේ නිරෝධායනයට ලක් කිරීම. ලංකාවේ අපට දැඩි විශ්වාසයක් තියෙනවා මේ රෝගය තවදුරටත් සමාජගත වීම මහත් පරිශ්‍රමයකින් වළක්වා ගන්න පුළුවන් කියන කරණය."

මෙහිදී 50%ක වගකීමක් ජනතාව වෙත පැවරී තිබෙන අතර ඉදිරියේ ඇඳිරි නීතිය ලිහිල් කරන තත්ත්වයකදී වුවද මෙතෙක් ලබා දුන් සහයෝගය ජනතාවගෙන් ඉදිරියේදීත් බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka