gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැක්ස් ඝාතනය කළ ධාමරිකයාව අහිංසකයෙකු කිරීමේ කුමන්ත්‍රණයක පොලීසිය නිරතවී සිටිනවා – අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

Save a Paw  සංවිධානය විසින් පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණ අතර එයට සහභාගී වූ  පුජ්‍ය ඔමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ  විසින් මිගමුවේදී වෙඩි තබා ඝාතනය කළ මැක්ස් නම් සුනඛයා සහ සත්ව හිංසන පනත පිලිබඳව මාධ්‍ය අමතා කතා කරන ලදී.
වෙසක් පොහොය වැනි දිනකදී සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කර ඇති ස්වාමින්වහන්සේ  මෙම සිදුවීමට වගකියුතු අපරාධකරුට නිදොස් කිරිමට සදහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් එය සිදුවන්නේ පොලීසිය හරහා බවත් ප්‍රකාශ කොට සිටියි. තවදුරටත් අදහස් දැක්වූ අතිපුජ්‍ය ඔමල්පේ සෝභිත ස්වාමින්වහන්සේ විසින් මෙසේ අදහස් දක්වන ලදි.

” අපට පේන දේ තමයි පවත්නා නීතිය ඉතාමත් යල්පැන ගිය එකක් බව. 1907 අංක 13 දරණ සත්ව හිංසාව පිළිබඳව මේ පනවා ඇති නීතිය මේ රටට මේ වර්තමානයේ ගැලපෙන්නේ නැහැ. ඒ නිසා සත්ව හිංසනය යටතේ අත්අඩංගුවට ගන්නා වැරදිකරුවන් රු 100ක් දීලා හිනා වෙවී යනවා. කාටද මේ හිනාවෙන්නේ.රුපියල් 100ක දඩයක් ගෙවලා හිනාවේිවි යනවා. ⁣

හිනාවෙන්නේ ලෝකයේ සදාචාරයට,ලෝකයේ ශිෂ්ටාචාරයට මේ රටේ සත්වයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වැඩකරන සංවිධාන වලට තමා අර විදිහට උපහාසාත්මක ආකාරයට හිනාවන්නේ.ඒ නිසා අලුත් නීති සම්මත කර ගත යුතුයි. ඒ නිසා මේ තියෙන නීතියවත් ක්‍රියාත්මක කිරීමට නියමිත පිරිස් පොලීසිය,නීතිපති දෙපාර්තමේන්තුව පවත්නා නීතියවත් නිසි ලස ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් නොවීම අපේ බේදවාචකයක්. මේ වෙසක් පෙහොය දා අහිංසක සුනඛකයෙක් කෲරතර ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සාක්කි සහිතව අපි දැක්කා. අවාසනාව මේ දසදහස් ගණනක් ඇස් වලට දකින්ට ලැබුන සාධකය ප්‍රතික්ෂේප කරමින් අද⁣ මේ ධාමරිකයාව,මේ කෲරතර මනුස්සයා අහිංසකයෙක් හැටියට නිදහස් කිරීමේ කුමන්ත්‍රණ ව්‍යාපාරයක් යන බව පැහැදිලියි. කුමන්ත්‍රණයේ නිර්මාණකරු ⁣තමා නීතිය රකින්ඩ ඉන්න සිවිල් සමාජයේ ආරක්ෂාකරු වන පොලීසිය.

මේ දිනවල කොවිඩ් 19 වසංගතය ඉදිරි⁣යේ පොලීසිය ක්‍රියාකරන අතිවිශිෂ්ට විදිහඅපි දැක්කා.නමුත් මේ වෙසක් පොහොය දා අර අහිංසක සුනඛයා මරාදැමීමේ සිද්ධියට සම්බන්ධ වෙන්නේ පොලීසියේ හිටපු උසස් නිලධාරියෙක් තමන්ගේ කමට සලකගෙන මේ අපරාධකාරයාට සුදුහුණු ගාන්න පොලිසිය ඉදිරිපත් වෙනවා කියන සාධාරණ සැකයක් අපට මතුවෙනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාවට Save a Paw  සංවිධානයේ  සංවිධායකවරිය ශිවන්ති සන්සෝනි, සහ ජනාධිපති නීතිද යු.ආර්ද සාල්වා මහතානීතිද සේනක වීරරත්න, නීතිඥ අෂාන් ප්‍රනාන්දු යන මහත්වරු සහභාගි වූහ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka