gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකාව කොරෝනා මර්දනයේ නිවැරදි මාර්ගයේ - ලෝක සෞඛ්‍ය සංවිධානය

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව නිවැරදි මාර්ගයේ ගමන් කරමින් සිටින්නේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය සඳහන් කරයි.

ඔවුන් පෙන්වාදෙන්නේ කොරෝනා ආසාදිතයන්ගේ සමීපතමයන් සහ ආශ‍්‍රීතයන් හඳුනාගැනීම, හුදෙකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම යන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නිවැරදි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවය.
කොරෝනා පරීක්ෂාකිරීම වැඩි වැඩියෙන් තවදුරටත් සිදු කිරීමත් ඒවා නිවැරදි ලෙස වාර්තා කිරීමත් පසුගිය දින කිහිපයේදීම දක්නට ලැබුණු බවද එම කාර්යාල කියාසිටී.

එසේ වුවද මෙම ව්‍යාපෘතියේදී ඉදිරියෙන්ම සිටින සෞඛ්‍ය සහ සෞඛ්‍ය නොවන කාර්ය මණ්ඩල සහ සේවකයන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දිය යුතු බවද ඔවුන් තවදුරටත් පෙන්වා දෙයි.

එම කාර්ය මණ්ඩලවලට ප්‍රමාණවත් පරිදි පෞද්ගලික ආරක්ෂක උපකරණ ලබා දිය යුතු බවත් හදිසියේ හෝ ආසාදිතයන් එකවර ඉහල ගියහොත් ඔවුන්ට ලබාදීම සඳහා පෞද්ගලික ආරක්ෂක උපකරණ වෙන්කර තැබීම සුරක්ෂිත කළ යුතු බවත් කාර්යාලය තවදුරටත් කියා සිටියි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka