gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනවසරයෙන් ලබා ගත් මුහුදු මහා විහාර ඉඩම් නැවත රජයට පවරා ගනී

පුරාවිද්‍යා වටිනාකමක් ඇති ඓතිහාසික මුහුදු මහා විහාරය සතු අනවසරයෙන් අත්පත් කරගෙන ඇති සියලුම ඉඩම් නැවත පවරාගෙන මසක් ඇතුළත පුරාවිද්‍යා ඉඩම් ලෙස ගැසට් කිරීමට ජනපති හා අගමැති නියමයෙන් වහාම පියවර ගන්නා බව පරිසර, වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.
අදාළ ඉඩම් අනවසරයෙන් අත්පත් කරගැනීමේ වරද පිටුපස යම් දේශපාලන හස්තයක් අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් පිරිසක් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔවුන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා කීය.

මෙම ඉඩම්වල ඓතිහාසික වටිනාකම පිළිබඳව සලකා 1951 වර්ෂයේ එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් සෙනරත් පරණවිතාන මහතා මෙම භුමියේ ඉඩම් අක්කර 71ක් පුරාවිද්‍යා භුමියක් ලෙස නම් කළද වර්තමානය වන විට එම ඉඩම් ප්‍රමාණය අක්කර 31ක් දක්වා අඩුවී ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙම ඉඩම් යළි අත්පත් කර ගැනීමේදී ජාතිවාදී, ආගම්වාදී ගැටලු කිසිවක් නොමැති බවත් කුමන ජාතියක, ආගමක හෝ පුරාවිද්‍යා වටිනාකම හෝ ඉතිහාසය වළ දැමීමට ඉඩ නොතබන බවත් ඉතිහාසය රැකගැනීමේ රජයේ වගකීම ඉටුකිරීම පමණක් සිදුකරන බවත් ඔහු කීය.  මෙම ඉඩම් වෙන්කර ගැනීමේදී කිසිදු ජාතියකට අසාධාරණයක් නොවන අයුරින් එම කාර්යයන් සිදුකිරීමට ඉඩම් නිවැරදිව මැනීමට මිනුම්පතිගේ සහාය ලබාගන්නා බවත් අතිශයින් වැදගත් අක්කර 60ක පුරාවිද්‍යා නටබුන් ඇති ප්‍රදේශ නම් කිරීමට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය. පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්, මිනුම්පති, අම්පාර දිසාපති, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, පරිසර අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (13දා) අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මව්බිම


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka