gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බල්ලන් නෑවීම ස්ථිර කෙරේ.. මැතිවරණය පැවැත්විය හැකියි.. ඊට නිර්දේශ සෞඛ්‍ය බලධාරීන් මැතිවරණ කොමිසමට බාර දෙයි

2020 පාර්ලිමේන්තු මැතිවරණය සෞඛ්‍යාරක්ෂිතව පවත්වන ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිසන් සභා වෙත භාරදී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානීන් විසින් මෙම නිර්දේශ බාර දී ඇත්තේ මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙතයි.
සාකච්ඡාව ඊයේ මැතිවරණ කොමිෂන් සභාවේ පවත්වා ඇති අතර මෙම නිර්දේශ මාලාව භාර දී ඇත්තේ එම රැස්වීමේදී ය.

මහ මැතිවරණය පැවැත්වීමේ දී සමාජ දුරස්ථභාවය අනිවාර්යෙන් පවත්වාගෙන යා යුතු බවත්, මුහුණු සහ අත් ආවරණ පැළඳිය යුතු බවටත්, විසබීජ නාශක දීලා භාවිතා කළයුතු බවටත් දැනුම්දී ඇත.

මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ ප්‍රධානීන් විසින් ද සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට කරුණු පැහැදිලි කර තිබේ.

මේ අතර ඊයේ දිනයේදී නීතිපතිවරයා විසින්ද දන්වා ඇත්තේ මෙතෙක් කටයුතු කර ඇති ආකාරයටහ මැතිවරණය පැවැත්වීම සදහා කටයුතු කරන ලෙසයි.

ජූනි මස 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට දැනට දින නියම කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka