gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීන ජනපතිගේ වැඩක් නිසා ට්‍රම්ප්ට මල පනී...ලෝක සෞඛ්‍ය සංවිධානයට තර්ජනාත්මක ලිපියක්

කොවිඩ්-19 වසංගතයට එරෙහිව ඉදිරි දින 30 තුළ විශාල වශයෙන් සැලකිය යුතු දියුණුවක් සඳහා කැප නොවන්නේ නම් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එක්සත් ජනපද අරමුදල් ස්ථිරවම කපා හැරීමක් සහ එක්සත් ජනපද සාමාජිකත්වය නැවත සලකා බැලීමක් සිදුකරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට තර්ජනය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් වෙත ලිපියක් යවමින් ට්‍රම්ප් කියා ඇත්තේ, "වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී ඔබ සහ ඔබේ සංවිධානය විසින් නැවත නැවතත් සිදුකරන ලද වැරදිවලට ලෝකයට විශාල හානියක් සිදුකර ඇති බව පැහැදිලියි. ලෝක සෞඛ්‍ය සංවිධානයට මෙයින් මිදීමට ඇති එකම මාර්ගය චීනයෙන් ස්වාධීන වී පෙනී සිටීමයි. එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිසංස්කරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව මගේ පරිපාලනය දැනටමත් ඔබ සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. නමුත් ඉක්මණින් ක්‍රියාමාර්ග අවශ්‍යයි. අපට නාස්ති කිරීමට කාලයක් නැහැ." යනුවෙනි.

දැඩි ලෙස වචන භාවිත කර ඇති එම ලිපියෙන් චෝදනා කරන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය "2019 දෙසැම්බර් මුල හෝ ඊට පෙර පවා චීනයේ වූහාන් නගරයේ පැතිරී ගිය කොරෝනා වෛරසය පිළිබඳ විශ්වාසදායක වාර්තා නොසලකා හැර ඇති බවත්, දැඩි ලෙස සාවද්‍ය හෝ නොමඟ යවන ලද කොරෝනා වෛරසය පිළිබඳව නැවත නැවතත් ප්‍රකාශ සිදුකළ" බවත්ය.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී 73 වැනි ලෝක සෞඛ්‍ය සමුළුව අමතමින් චීන ජනපති ෂී ජින්පිං විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඉදිරි වසර දෙකක කාලය තුළ ඇ.ඩො.බිලියන 2ක අරමුදල් ලබාදීමට කටයුතු කරන බව පැවසීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම හදිසි කෝපයට හේතු වන්නට ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka