gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිරෝධායන නීති කැඩූ මහවැව දේවගැතිවරයකුට නඩු - දේව මෙහෙය පැවැත්වූ ස්ථානයටත් මුද්‍රා තබයි

මාරවිල නගරයේ නිරෝධායන නීතිරීතිවලට පටහැනිව පිරිස් රැුස් කර දේව මෙහෙයක් පැවැත්වූ ස්ථානයක් මුද්‍රා තැබීමට මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන් කටයුතු කළේය.

16 වෙනි දින දහවල් මෙමම වැටලීම සිදු කලේය.
මෙම දේව මෙහෙය පැවැත් වූ දේවගැතිවරයාට එරෙහිව නිරෝධාන පනතට අනුව නීතිමය කටයුතු කරන බව මහවැව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බී. එම්. වජිර නිලන්ත මහතා පැවසීය.

මාරවිල පොලිසියේ නිලධාරීන් හා මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් මෙම ස්ථානය වැටලීමේදී පුද්ගලයන් 27 දෙනෙකු ආගමික ස්ථානයේ රැුඳී සිටි අතර පිරිමි පුද්ගලයන් 09 දෙනෙක්, කාන්තාවන් 18ක් සහ කුඩා ළමුන් හතර දෙනෙක් ද ඒ අතර විය. මව්මවුවරුන් දෙදෙනෙක් අත දරුවන් රැුගෙන පැමිණි සිටි අතර එම දරුවන් දෙදෙනාට මුඛ ආවරණ ද පැළඳවීමට කටයුතු කර නොතිබිණි.

දේවගැතිවරයා මීට පෙර ශබ්ද විකාශන යන්ත‍්‍ර උපයෝගී කර ගනිමින් ද දේශනා සිදු කර ඇති අතර ඊට අදාලවද මීට පෙර මොහුට විරුද්ධව නඩුවක් පවරා තිබේ.

යාපනය ප‍්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මෙලෙස පැවැත්වූ ආගමික කටයුත්තක් හේතුවෙන් පුද්ගලයන් රැුසකට කොරෝනා වැළදුණු අතර විශාල පිරිසක් නිරෝධාන කටයුතුවලට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

මෙවැනි තත්ත්වයක් හමුවේ පුද්ගලයින් ඒකරාශී කරගෙන මෙවැනි වැඩ වැඩසටහන් සංවිධානය කිරීම නීතිවිරෝධී බව ද සඳහන් කරමින් සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් රැුස්ව සිටි පිරිසට දැඩි ලෙස අවවාද කර මුදා හැරීමට කටයුතු කළේය.

ආගමික ස්ථාන පවත්වාගෙන ගිය ක‍්‍රිස්තියානි දේවගැතිවරයාට නිරෝධායන නීති යටතේ නඩු පැවරීමට නියමිතයි.

අමරනන්ද විජේසේකර- මහවැව


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka