gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විග්නේෂ්නවරන් යාපනයේදී කොටි සමරයි.. හොර පාරෙන් මුල්ලවයික්කාල් ගොස් හරවා යවයි

යුද්දෙන් මිය ගිය වැසියන් සැමරීම සඳහා උතුරු පලාත් හිටපු මහඇමති සී.වී.විග්නේශ්වරන් මහතා ඇතුලු පිරිසකට යාපනයේ සිට මුලතිව් දක්වා ඒ-32 මාර්ගයෙන් යාමට ගොස්  පොලීසියේ හා යුදහමුදාවෙන් අවසර නොලැබීමෙන් අද (18) දින එම පිරිස යාපනය චෙම්මිණි ප්‍රදේශයේදී යුද්දෙන් මිය ගිය වැසියන් සිහිකිරීමට පියවර ගෙන තිබුණි.
පවතින කොරෝණා වයිරස් අවධානම හේතුවෙන් මුලතිව් මුල්ලිවයික්කාල් යුද සැමරුම් උත්සවාකාරයෙන් සිදු කිරීමට අවසර නොලැබීමත් සමග උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා ඇතුලු පිරිසක් යාපනය සංගුපිඩ්ඩි පාලම හරහා මන්නාරම දක්වා වැටී ඇති ඒ-32 මාර්ගය ඔස්සේ පුනරීන් මාර්ගයෙන් මුල්ලිවයික්කාල් ගමන්කිරීමට අද (18)  උදෑසන උත්සහ දරා ඇති අතර එහිදී පොලීසිය හා යුදහමුදා මාර්ග බාධකයන් වලදී එම පිරිස් ආපසු හරවා යාපනයටම යැවීමට කටයුතු යොදා ඇත.

අනතරුව හිටපු ප්‍රධාන අමාත්‍ය වරයා ඇතුලු පිරිස යාපනය චේම්මිණ මංසන්ධියේ පිහිටා ඇති යුද ස්මාර්කය අසලදී යුද්දෙන් මිය ගිය වැසියන් සැමරීමට පියවර ගෙන ඇති අතර එම අවස්ථාවට හිටපු පලාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් ඇතුලු පිරිසක්ද සහභාගී වී ඇත.

කෙසේ නමුත් චෙම්මිණ ප්‍රදේශයේ යුද සැමරුමටද පොලිස් නිළධාරීන් විසින් බාධා සිදුකොට ඇත්තේ පවතින කොරෝණා වයිරස් අවධානම හේතුවෙන් පිරිස් රැස්වීමෙන් වලකින ලෙසට දැනුම් දීමෙන් වන අතර එහිදී සී.වී.විග්නේශවරන් ඇතුලු පිරිසට ඉතා කෙටි කාලයක් එම ස්ථානයේ රැඳී සිට යාමට සිදුව ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka