gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 240ක් දක්වා ඉහලට

ද (08) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 240 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේදී රෝගීන් 27 දෙනෙකු හඳුනා ගත් අතර මෙරට සමස්ත ආසාදිතයින් ගණන 824 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් සංඛ්‍යාව 575 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

මේ අතර නාවික හමුදා නිලධාරින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 426 දෙනෙක්ටද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරුවී තිබෙනවා.

ඉකුත් අප්‍රේල් මස 22 වෙනිදා සිට මැයි 07 වෙනිදා දක්වා කාල සීමාව තුල වාර්තා වූ රෝගීන් ගණන 516ක් වනවා.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka