gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තවත් කොරෝනා රෝගීන් 03ක් : නාවික හමුදාවේ මුළු ආසාධිතයින් සංඛ්‍යාව 340 ඉක්මවයි

ව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් තිදෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරෙන් අද (06) දිනයේදී වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසධිතයින් සංඛ්‍යාව 774ක් බවයි ඔහු සඳහන් කලේ.
මේ වන විට කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 550 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 215ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

මේ වන විට නාවික හමුදාවේ නිලධාරීන් 342 කට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. අප්‍රේල් මස 30 වෙනිදා සිට අද දින දක්වා කිසිදු නාවික හමුදා නිලධාරියෙකු කඳවුරු භූමියෙන් පිටතදී කොරෝනා ආසාධනය වී නොමැති බවත් මේ වන විට සියලුම නිලධාරීන් කඳවුරු තුල සිටින බවයි මෙහිදී වැඩිදුරටත් යුධ හමුදාපතිවරයා කියා සිටියේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka