gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ලංකාව කොරෝනා පාලනය කරලා.. එහි ගෞරවය ඔබටයි.. - ඉන්දීය අගමැති ජනපති ගෝටාභය අමතමින් කියයි..

23 පෙරවරුවේ ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සුහද දුරකථන සංවාදයක නිරත වූ අතර දෙරටේ සෑම ආකාරයකම සබඳතා කොවිඩ් අර්බුදය හමුවේ තවත් වර්ධනය කර ගැනීමට එකඟත්වය පළ විය.

ජනාධිපති කාර්යාලයේ සිට ඉන්දීය නායකයා සමග සාකච්ඡාවට සහභාගි වූ අතර අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත විෂයයන් ගැන අදහස් හුවමාරුවට අවස්ථාව ලැබීම පිළිබඳව සතුට පළ කරමින් වත්මන් දුෂ්කර අවධියේ ශ්‍රී ලංකාවට කළ උපකාර සම්බන්ධයෙන් මෝදී මැතිතුමාට සහ ඉන්දීය ජනතාවට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මැතිතුමා කෘතඥතාව පුද කලේය.

ඉන්දියාව ප්‍රදානය කළ ටොන් 10ක වෛද්‍යාධාර බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බව ජනාධිපතිතමා පැවසීමි. ඉන්දියාව කොවිඩ් 19 වසංගතය මනාව පාලනය කර ඇති බව විශ්වාස කරන අතර ඒ සඳහා ඔහුගේ උත්සාහයට විශේෂයෙන් අඩු වරප්‍රසාද සහිත කණ්ඩායම් සඳහා හඳුන්වාදුන් ආර්ථික සහන සමූහයට ජනාධිපති තුමන් ප්‍රසාදය පළ කලේය.

ශ්‍රී ලංකාවේ රෝග ව්‍යාප්තිය සතුටුදායක ලෙස පාලනය කිරීමට සමත් වී ඇති බව ප්‍රකාශ කිරීමත් සමඟ ඉන්දීය අගමැතිතුමා ඊට ප්‍රතිචාර වශයෙන් සඳහන් කළේ කෝටි 130කට අධික ජනගහණයක් හසුරුවා ගැනීම දුෂ්කර වුවත් වසංගත ව්‍යාප්තිය 75% කින් පමණ මර්දනයට හැකි වූ බවයි.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මැතිතුමා හඳුනාගෙන ඇත්තේ “නිරවුල් චින්තනයක් සහිත ඉක්මණින් දුෂ්කර තීරණ ගැනීමේ හැකියාව ඇති නායකයකු” ලෙස බව මෝදී මැතිතුමා සඳහන් කළේය. “මට තිබෙන තොරතුරු අනුව ශ්‍රි ලංකාව වසංගතය හොදින් පාලනය කර ගැනීමට සමත්ව තිබෙනවා. එහි ගෞරවය හිමි වන්නේ ඔබතුමාට” ඉන්දීය නායකයා පැවසීය. එවැනි ධනාත්මක ආකල්පයක් ගැන දැරීම පිළිබඳව ජනාධිපති තුමන් කෘතඥතාව පළකරන ලදී.

දැන් තම ප්‍රමුඛතාව ආර්ථික පුනරුදය බව ජනාධිපති තුමන් එතුමාට පැවසූ අතර ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයක් නැවත පණ ගැන්වීමට ඉන්දියාවේ සහයෝගය අපේක්ෂා කරන බව ප්‍රකාශ කලේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කඩිනමින් ඉදිකිරීම ඉන් එකකි. අගය එකතු කළ කාර්මික සහ කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවර්ධනය තවත් අරමුණකි. මේ ක්ෂේත්‍රවල ආයෝජනය කරන මෙන් ඉන්දීය ව්‍යාපාරිකයන් සහ දැනටමත් ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය සමාගම් දිරි ගැන්විය හැකිනම් පශ්චාත් කොරෝනා අවධියේ අර්ථික පුනරුදයට පිටිවහලක් බව ජනාධිපති තුමන් පෙන්වා දුන්නෙය.

දෙරට අතර ක්‍රියාත්මක මූල්‍ය පහසුකම් හුවමාරු වැඩසටහන තවත් පුළුල් කිරීමට ජනාධිපති තුමන් යෝජනා කළ අතර සාක් හුවමාරු පහසුව යටතේ ප්‍රදානය කර ඇති ඩොලර් මිලියන 400ට ඩොලර් බිලියන 1.1ක මුදලක් එකතු කිරීමට ඉන්දීය ආණ්ඩුව එකඟනම් එය විදේශ විනිමය ගැටලු කළමනාකරණයට විශාල ආධාරයක් බව පෙන්වා දුන්නේය.

“ ශ්‍රී ලංකාවට උදව් කිරීමට මම පෞද්ගලිකවම කැපවී සිටිනවා. ශ්‍රී ලංකාවට වාසිදායක කොන්දේසි යටතේ සහය වෙන්න අප සූදානම්. ඒ සඳහා කොළඹ ඉන්දීය මහ කොමසාරිස් සමග වැඩ කිරීමට, සුදුසු නියෝජිතයෙක් පත් කරන්න” මෝදි මැතිතුමා පිළිතුරු වශයෙන් කීය.

දැනටමත් ගොඩනැගී ඇති ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය ජනතාවට ඍජු ප්‍රතිලාභ අත්වන සහ ආහාර හා සෞඛ්‍ය සුරක්ෂිතතාව ප්‍රමුඛතාව කොටගත් ව්‍යාපෘති ලෙස ඉදිරියට ගෙන යාමට දෙදෙනාගේම එකඟත්වය පළවිය.

– ජනාධිපති මාධ්‍ය අංශය

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka