gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලි සබ්‍රි කියන්නෙ තක්කඩියෙක් ජනාධිපතිතුමනි නයින්ට කිරි පොවන්න එපා - මැඩිල්ලේ හිමි

ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්‍රි මහතා තවත් හකීම් කෙනෙක්, බදුර්දීන් කෙනෙක් බව සිංහලේ ජාතික සංවිධානය පවසනවා. ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් බරපතල සැකයක් පවතින බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

එම සංවිධානයේ මහ ලේකම් මැඩිල්ලේ පඤ්ඤා‍ලෝක හිමි ඊයේ(16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඔහු දේශපාලන සබඳතා ගොඩනගාගෙන සිටින තවත් එක් අන්තවාදියෙක් බවයි. ඔහු ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන ත්‍රස්තවාදියෙක් ලෙස හැඳින්විය හැකි බව ද මැඩිල්ලේ හිමි පවසනවා.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි,

'මෙතුමාට මහත්මා කියන එක තවදුරටත් කියන්න ඕනද කියන ප්‍රශ්නය අපි හමුවේ තියනවා. අපි බලාගෙන හිටියා අලි සබ්‍රි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙ අධිකරණ ක්‍රියාමාර්ග ගණනාවකදි පෙනී හිටපු නීතිඥයා. ඔහුට ජනාධිපතිතුමත් එක්ක පොදුජන පෙරමුණත් එක්ක සම්බන්ධතා තියනවා. ඒක රහසක් නෙවෙයි.'

'ඔහු ජනාධිපතිවරයා ඉන්න තැනදි ඔහුගෙ හැසිරීම එක විදියක්, ඇමතිවරු ලඟ එක විදියක්, හාමුදුරුවරු ලඟ එක විදියක්, මුහුණු පොතට ආවම තව විදියක්. දිගින් දිගටම වෙස් මාරු කරමින් අලි සබ්‍රි හැසිරුනේ බොහොම තක්කඩි විදියට.'

'ඔහුට ජනාධිපතිත් එක්ක සම්බන්ධතා තියෙන්න පුලුවන්, අලි සබ්‍රිලා ගැන කතා කරන‍කොට එයාලට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඒත් අපිට ගැටලුවක් නෑ, මොකද අපි හැමදාම හිටගත්තෙ රට වෙනුවෙන්. ඒ නිසා අපි මේවා නොබියව කියනවා.'

'අලි සබ්‍රි විදෙස් මාධ්‍යවලට කියලා තියනවා මුස්ලිම් ජාතියට එරෙහිව ජාතිවාදය ක්‍රියාත්මක වෙනවා කියලා. විශේෂයෙන්ම රජයේ නියෝජිතයා විදියට අල්-ජසීරා මාධ්‍යයට කියලා තියන දේවල්වලින් ඒක පැහැදිලියි.'

'අපි කියනවා පොදුජන පෙරමුණේ නායකයන්ට, බැසිල් රාජපක්ෂ මහත්තයට, මෙවැනි පුද්ගලයන්ට කිරි පොවන්න හදන්න එපා. එහෙම උනොත් අන්තිමට වෙන්නෙ නයි රෙද්ද අස්සෙ දාගෙන ක‍නවෝ කියලා කෑගහන්න වෙනවා. ඒ නිසා අලි සබ්‍රි වැනි පුද්ගලයන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබාදීමට එරෙහිව අපි මහා සංඝ රත්නය පෙළ ගස්සනවා.'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka